May 02, 2024

තරුණ ගායිකාවක් හිසට වෙඩිතබා මරා දමයි (VIDEO)

ඊයේ රාත්‍රියේ (10) සිදු වූ වෙඩි තැබීමකින් ලද බරපතල තුවාල හේතුවෙන් තරුණ ගායන ශිල්පිනියක්වන ක්‍රිස්ටිනා ග්‍රිමී මියගොස් තිබේ.

අමෙරිකාවේ ඔලන්ඩෝහි ප්‍රසංගයක් අවසානයේ තම රසික රසිකාවියන් වෙත සමරු අත්සන් ලබා දෙන අතරතුර දී නාදුනන පුද්ගලයෙකු පැමිණ ඇගේ හිසට වෙඩි තබා ඇති බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

මෙරට ද ජනප්‍රියත්වයට පත්වූ රියැලිටි ගායන තරු තේරීමේ තරගයක්වන The Voice වැඩසටහන ඔස්සේ ගායන ලෝකයට පැමිණි ක්‍රිස්ටිනා මියයන විට 22 වැනි වියෙහි පසු වූවා ය.

ඇයට වෙඩිතැබූ පුද්ගලයා ද වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති අතර මෙම ඝාතනයට හේතුව තවමත් පැහැදිලි නොමැති බව එරට පොලීසිය පවසයි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ දී එම ස්ථානයේ බොහෝ පිරිසක් රැඳී සිට ඇති අතර ඔවුන් කිසිවෙකුට හානියක් සිදු වී නොමැති බව පැවසේ.

ඇය වෙඩි ප්‍රහාරයට ලක් වීමට පෙර වේදිකාව මත ගී ගැයූ අයුරු දැක්වෙන වීඩියෝව පහතින් > > > 

Rate this item
(0 votes)
Last modified on Saturday, 11 June 2016 15:23