May 07, 2024

ඒකීයභාවය රැකීමේ විශ්වසනීයම පාර්ශවය හෙළ උරුමයයි-මල්වතු මහා නාහිමි

රටේ ඒකීයභාවය සුරැකීම හා ත්‍රස්තවාදය මර්දනය කිරීමට දායක වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පක්‍ෂය ජාතික හෙළ උරුමය බව මල්වතු මහා නාහිමියෝ පවසති. පූජ්‍ය  ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ සහ ජාතික හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද පෙරවරුවේ මල්වතු මහා නා හිමියන් බැහැ දුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
 
එහිදි මල්වතු මහා නා හිමියන් කියා සිටියේ වෙනත් කිසිදු පාර්ශවයකට වඩා රටේ ඒකීය භාවය සුරැකීම සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමය විශ්වසනීය බවයි. සුනාමී සහන මණ්ඩලයට එරෙහිව  ඕමල්පේ සෝභිත හිමි ආරම්භ කළ මාරාන්තික උපවාසය පිළිබඳවද නා හිමියෝ එහිදී සිහිපත් කළහ. ත්‍රස්තවාදයෙන් රට මුදාගැනීමේ අරගලයට ජාතික හෙළ උරුමය දායක වූ ආකාරය ද සිහිපත් කෙරින. එවැනි තත්ත්වයක් යටතේ හෙළ උරුමය ද පාර්ශව කරුවෙකු වන මෛත්‍රී පාලනයක් යටතේ ශ්‍රී ලංකාවේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාව සුරක්‍ෂිත වන බව තහවුරු වන්නේ යැයි මහා නා හිමියෝ අවධාරණය කළහ. 
 
ශ්‍රී ලංකාවේ ප්‍රහාර රැසකට සම්බන්ධ, පුපුරණ ද්‍රව්‍ය ගෙන්වූ, බෙදාහරින ලද ත්‍රස්තවාදීන් රජයේ ආරක්‍ෂාව ලබන බව පාඨලී චම්පක රණවක මහතා මහා නා හිමියන්ට පෙන්වා දුන්නේය. ඔහු අවධාරණය කළේ මෛත්‍රී පාලනයක් යටතේ කේ.පී. ඇතුලූ ත්‍රස්තයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බවයි. 
Rate this item
(0 votes)
Last modified on Sunday, 04 January 2015 13:36