May 03, 2024

හකීම් රට ගැන හිතුවේ නෑ - මුස්ලිම් උලමා පක්ෂය

මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා රට ගැන නොසිතා නායකත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිරිසේන මහතාට සහාය දුන් බව මුස්ලිම් උලමා පක්ෂයේ නායක මුබාරක් මජීඩ් මහතා පවසයි.නිදහස් පක්ෂ මුලස්ථානයේ පවතී මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
 
 වැඩිදුරටත් අදහස් දැක්වු මුස්ලිම් උලමා පක්ෂයේ නායකයා කියා සිටියේ හකීම් මහතා ඇතුළු පිරිස පක්ෂය හැර ගියත් මුස්ලිම් නායකයෝ විශාල පිරිසක්  මහින්ද රාජපක්ෂ ජනපති සමඟ සිටින බවය. පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය කාලයේ දී මුස්ලිම් නායකයන් ඝාතනය වුණු බවත්,මුස්ලිම් ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔවුන් කටයුතු නොකළ බවත්, මහින්ද රාජපක්ෂ පාලන කාලයේ තිස්  අවුරුදු යුද්ධය අවසන් කිරිම නිසා තම ජනතාවට නිදහසේ ජිවත් වන්නට ලැබුණු බවත් හෙතෙම පැවසීය.  
Rate this item
(0 votes)