April 28, 2024

හකීම් දවල් මිගෙල් රෑ දනියෙල් ගේමක : පක්ෂ තහනම් කළ අයත් හමුවට කැඳවයි

December 15, 2021

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ ආණ්ඩුවක් සමග ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 4 දෙනකු ඡන්දය දුන්නා.

එනිසා ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පක්ෂ නායක රවුෆ් හකීම් මහතා පියවර ගත්තා.

ඉන්දීය ප්‍රබලයා

එහෙත් එසේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ තිදෙනෙකු පක්ෂය නිල වශයෙන් පැවැත්වූ සාකච්ඡාවකට සහභාගී කරවාගෙන ඇති බව දැනගන්නට තිබෙනවා.

ඉන්දීය ලෝක් සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කාදර් මොහිදීන් මහතා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණ මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් වෙන වෙනම මුණගැසුණා.

එහිදී රවුෆ් හකීම් මහතා මුණ ගැසුණේ කොළඹ තරු පහේ හෝටලයකදී.

නිල සාකච්ඡාවට ආරාධනා

ඊට හකීම් මහතා විසින් සංවිධානය කරන ලද භෝජන සංග්‍රහයක්ද ඇතුළත් වුණා.

එම සාකච්ඡාවට පක්ෂ සාමාජිකත්වය තහනම් කර ඇති නසීර් අහමඩ් , ෆයිසාල් කාසිම් හා මොහොමඩ් හාරිස් යන මන්ත්‍රීවරුන්ටද පක්ෂය වෙනුවෙන් සහභාගී වන ලෙස ආරාධනා කර තිබූ බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අනුව පක්ෂ සාමාජිකත්වය තහනම් කර ඇති ඉහත සඳහන් මන්ත්‍රීවරු තිදෙනාද එම සාකච්ඡාවට සහභාගි වූ බවද එම ආරංචි මාර්ග තහවුරු කරනවා.

පක්ෂ සාමාජිකත්වය තහනම් කර ඇති මුස්ලිම් කොංග්‍රස මන්ත්‍රීවරු පිරිස  20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පමණක් නොව 2022 අය - වැයටද පක්ෂව ආණ්ඩුවත් සමග ඡන්දය දුන්නා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 15 December 2021 16:27