May 01, 2024

අසාත් සාලි ගැන මටත් පුදුමයි : අභියාචනයක් දාන්න නීතිපතිට පුළුවන් - පොලිස් ඇමතිගෙන් නීති තර්කයක්

December 15, 2021

අධිකරණය දෙන තීන්දුවකට විරුද්ධ විය නොහැකි වුවත් හෘද සාක්ෂියට අනුව අසාත් සාලි වැරැද්දක් කර ඇති බව මහජන ආරක්ෂක ඇමැතිවරයා සඳහන් කරනවා.

එහෙත් මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාට අභියාචනයක් ඉදිරිපත් කිරිමේ බලය තිබෙන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පොලිසියේ කාර්ය භාරය

අසාත් සාලි මහතාට එරෙහිව චෝදනා ගොනු කළේ නීතිපතිවරයා බව පෙන්වා දෙන මහජන ආරක්ෂක ඇමති වන සරත් වීරසේකර මහතා පොලිසිය සිදු කළේ විමර්ශනය කිරීම පමණක් බව සඳහන් කරනවා.

අසාත් සාලි මහතාට දුන් තීන්දුවෙන් අධිකරණයේ ස්වාධීනත්වය ඔප්පු වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඒ හා බැඳුණු චෝදනාවකටද ඒ තුළ පිළිතුරු තියෙන බව පෙන්වා දෙමින්.

ඒ අධිකරණය ආණ්ඩුවට පක්ෂපාතී බවට නැගෙන චෝදනාවට හොඳම පිළිතුර අසාත් සාලි මහතාගේ සිද්ධිය බව අවධාරණය කරමින්.

අන්තවාදී චෝදනා

සරත් වීරසේකර මහතා අසාත් සාලි මහතාව ඔහුට එල්ල වූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීම සම්බන්ධයෙන් මෙම අදහස් පළ කළේ සතිඅන්ත පුවත්පතක් සමග සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

අසාද් සාලි මහතා අන්තවාදියෙකු ලෙස චෝදනා කළ අය අතර සරත් වීරසේකර අමාත්‍යවරයාද සිටිනවා.

අධිකරණය විසින් අසාත් සාලි මහතාව ඔහුට එල්ල වූ සියලු චෝදනා වලින් මීට ටික දිනකට පෙර නිදොස් කොට නිදහස් කරනු ලැබුවා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 15 December 2021 16:29