April 28, 2024

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවා ඊශ්‍රායල බුද්ධි අංශයද? - ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (VIDEO)

අද (19) දිනයේ පාර්ලිමේන්තුවේ ඇති වූ පාස්තු ප්‍රහාරය පිළිබඳව විවාද අවස්ථාවේ දී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරනු ලැබීය.

එහිදී මන්ත්‍රීවරයා විසින් සඳහන් කර සිටියේ 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරය මෙහෙය වීම පිටුපස ඊශ්‍රායල බුද්ධි අංශයන් සිටින බවට සාධක ජනාධීපති කොමිසමේ දී හෙළි වී ඇති බවයි.

එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ “මමත් මගේ කතාවේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ගැන සමහර දේවල් කිව්වා..කරුණාකරලා පොඩ්ඩක් ඒවා ගැන හොයලා බලන්න.. විශේෂයෙන්ම ඊශ්‍රායල බුද්ධි අංශ මේ පිටුපස සිටියාද කියන එක ගැන සාධක තියෙනවා, ඒක ජනාධිපති කොමිෂන් වාර්තාවෙත් තියෙනවා, ඒ නිසා පොඩ්ඩක් සොයා බලන්න..” යනුවෙනි.

මන්ත්‍රීවරයා දැක්වූ සම්පුර්ණ අදහස පහතින්,

Rate this item
(0 votes)