April 28, 2024

මුස්ලිම් කොංග්‍රසය දෙදරයි! ආණ්ඩුවට පිල් මාරුවක්

February 06, 2021

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රීන් 4 දෙනාට ඔවුන් පක්ෂයේ දරණ තනතුරුවලින් ඉවත් වන ලෙස පක්ෂ නායක රවුෆ් හකීම් විසින් දැනුම් දීමත් සමඟ මුස්ලිම් කොංග්‍රස පක්ෂය තුළ අභ්‍යන්තර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

පක්ෂ නායකවරයාගේ තීරණයට එකඟ නොවූ මන්ත්‍රීන් එම තීරණයට එරෙහිව පියවර ගැනීමට සැරසෙන බවද එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

මුස්ලිම් කොංග්‍රසයේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 05කි. එයින් සිව්දෙනෙක්ම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

Rate this item
(1 Vote)