April 28, 2024

කිරිඇල්ලගේ සුළු ජාතික විරෝධයේ ඉලක්කය රවුෆ් හකීම් ද?

December 14, 2020

එළඹෙන මැතිවරණවලදී සමගි ජන බලවේගය තනිව තරඟ කරන බවත් එහිදී පක්ෂයේ සාමාජිකත්වය දරන දෙමළ හා මුස්ලිම් සාමාජිකයන්ට අපේක්ෂකත්වය ලබා දෙන බවට ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කිහිප වතාවක්ම ප්‍රකාශ කොට තිබීම මත සමගි ජන බලවේගයේ සුළු ජාතික පක්ෂ අතර යම් නොසන්සුන්තාවයක් ඇතිව තිබෙන බව දැනගන්නට තිබේ.

මීට මාස කිහිපයකට පෙර ද මෙම අදහස් පළ කල කිරිඇල්ල මහතා යළිත් වතාවක් එම අදහස මීට ටික දිනකට පෙර මහනුවරදී ද ප්‍රකාශ කොට තිබේ.

පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය හැර සමගි ජනබලවේගය කිසිදු නිල තනතුරක් නොදරන කිරිඇල්ල මහතා විසින් මෙවැනි ප්‍රකාශයක් කිරීම මත සුළු ජාතික පක්ෂවල නායකයින් සජිත් ප්‍රේමදාස මහතා මුණගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බවද වාර්තා වේ.

මහ නුවර දිස්ත්රික්කයේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා අතර පවතින මනාප සම්බන්ධයෙන් වූ ගැටළු මුල්කොටගෙන කිරිඇල්ල මහතා මෙවැනි ප්‍රකාශ නිකුත් කරන බවටද චෝදනා එල්ල වෙමින් තිබේ.

පසුගිය මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගයට මන්ත්‍රීධූර ආසන හතරක් ලැබුණු අතර ඉන් පළමු ස්ථානයට රවුෆ් හකීම් මහතා පත්වූ අතර කිරිඇල්ල මහතාට හිමි වූයේ 4 වන ස්ථානයය.

විශේෂයෙන්ම මෙම සුළු ජාතික පක්ෂවල අපේක්ෂකයන් සමගි ජනබලවේගය යටතේ තරග කොට ජයග්‍රහණය කිරීමෙන් පසු රජයන් සමග එක් වීම මත සමගි ජන බලවේගය සාමාජිකත්වය දරන සුළු ජාතික නියෝජිතයන් ශක්තිමත් කළ යුතු බව කිරිඇල්ල මහතාගේ අදහස වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 14 December 2020 13:11

Related items