April 28, 2024

ඉල්ලුවේ ඩොලර් මිලියන හතලියයි : තවමත් ලැබුනේ තුන හමාරයි - නාලක ගොඩහේවා

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ අලාභයට වන්දි ලෙස මේ වන විට රු. මිලියන 720 (ඇමරිකානු ඩොලර් මිලියන තුන හමාරක්) ලැබී ඇති බව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා හෙළිදරව් කරනවා.

එහෙත් නැව ගිනි ගැනීමෙන් සිදු වූ හානිය වෙනුවෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන වන්දි මුදල ඇමරිකානු ඩොලර් මිලියන 40 ක් බවයි (රුපියල් මිලියන 8000) රාජ්‍ය අමාත්‍යවරයා හෙළි කරන්නේ.

ප්‍රමුඛතාවය ධීවර ප්‍රජාවට

දැනට ලැබී ඇති රක්ෂණ මුදලින් වන්දි ලබා දීමේදී ප්‍රමුඛතාවය නැව ගිනි ගැනීම නිසා සිය වෘත්තීයම කටයුතු කර ගැනීමට නොහැකිව පීඩාවට පත් ධීවර ප්‍රජාවට ලබා දෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

එහෙත් සාමාන්‍යයෙන් ඕනෑම රක්ෂණ සමාගමක් අදාල රක්ෂණ මුදල ලබා නොදීමට කටයුතු කිරීම සාමාන්‍ය සම්ප්‍රදායක් බැවින් එය ලබා ගැනීම සඳහා අප මහන්සි විය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

ජාත්‍යන්තර නීති සමාගමක සහාය

එනිසා රක්ෂණ මුදල සම්පූර්ණයෙන්ම ලබාගැනීම සදහා ඒ සම්බන්ධයෙන් වූ නඩුව ඉදිරියට ගෙන යෑම සඳහා ජාත්‍යන්තර නීති සමාගමක සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා මේ වන විට සමාගම් 8 ක් ඉදිරිපත් වී ඇති බවයි සඳහන් කරන්නේ.

ඒ අතරින් එක් සමාගමක් තෝරා ගැනීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ දෙරණ රූපවාහිනියේ වැඩ සටහනට එක්වෙමින්.

Rate this item
(0 votes)