April 27, 2024

"දයාසිරි කියන විදියේ විහිලු ඇමතිකම් නැහැ : ඒවා හැදුවේත් බැසිල් නෙවෙයි" - රාජ්‍ය ඇමති

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා චෝදනා කරන ආකාරයට විහිලු අමාත්‍යධුර කාටවත් ලබාදී නොමැති බව නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.

එම අමාත්‍යධුර විහිලු අමාත්‍යධුර නොවන මුත් වැරැද්දක් තිබේ නම් , අඩුපාඩුවක් තිබේ නම් ඒවා කාලයක් යන විට නිවැරදි කරගත යුතු බවද ගොඩහේවා මහතා පෙන්වා දෙනවා.

දයාසිරි චෝදනා පදනම් විරහිතයි

මෙම අමාත්‍ය ධුර සකස් කරන ලද්දේ දයාසිරි ජයසේකර මහතා සදහන් කරන ආකාරයට බැසිල් රාජපක්ෂ මහතා හෝ පී.බී. ජයසුන්දර මහතා නොව එය සම්පූර්ණයෙන්ම ජනපතිවරයාගේ දැක්මකට අනුව ලබාදුන් බව තම විශ්වාසය බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

වසංගතය නිසා ඉලක්ක යට ගියා

ජනපතිවරයා එම විෂයන් තීරණය කරන ලද්දේ රටේ ඉදිරි සංවර්ධනය හා විදේශීය විනිමය ඉපයීමේ අරමුණින් බවත් පෙන්වා දෙන රාජ්‍ය අමාත්‍යවරයා කොවිඩ් වසංගතය හේතුවෙන් විදේශීය විනිමය ඉපයීමේ අරමුණින් බිහිකළ අමාත්‍යාංශ වලට සිය ඉලක්ක කරා යෑමට නොහැකි වූ බවයි අවධාරණය කරන්නේ.

ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාද වන දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා එල්ල කරන චෝදනාවන්ට පිළිතුරු දෙමින් දෙරණ රූපවාහිනී සේවයේ වැඩ සටහනකට එක්වෙමිනුයි.

Rate this item
(0 votes)