May 02, 2024

අලි සබ්රි - සජිත් එක්වෙයි : විශේෂ සාකච්ඡාවකුත් පවත්වලා (PHOTOS)

මෙරට සාගරයට සහ ධීවර ප්‍රජාවට දැඩි හානියක් සිදුකරමින් විනාශයට පත් වූ එක්ස්ප්‍රස් - පර්ල් නෞකාව සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එක්ව තිබුණා.

ඊයේ (12) දිනයේ පැවැති මෙම සාකච්ඡාව පවත්වන ලද්දේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතාගේ ප‍්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, නිතිපති ජනාධිපති නිතීඥ සංජය රාජරත්නම් යන මහත්වරුන්ද එක්ව සිටියා.

මෙම සාකච්ඡාවේදී එක්ස්ප්‍රස් - පර්ල් නෞකාව නිසා සිදු වූ විනාශය පිළිබඳව සහ ධීවර ජනතාවට වන්දි ලබාදීම පිළිබඳව සාකච්ඡා කර තිබුණා.

එහිදී අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ ගිනි ගත් නැවේ වන්දිය ලෙස රුපියල් මිලියන 720ක වන්දි මුදලක් මේ වන විට මහ බැංකුවට ලැබී ඇති බවයි. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඉන් රුපියල් මිලියන 420ක මුදලක් ධීවර ජනතාව වෙනුවෙන් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

එම සාකච්ඡාව පැවැති අවස්ථාවේ ඡායාරූප පහතින්,

May be an image of 4 people, people standing and people sitting

May be an image of 6 people, people sitting, people standing and indoor

May be an image of one or more people and indoor

May be an image of 2 people, people sitting, people standing and indoor

Rate this item
(0 votes)