April 28, 2024

මීළඟට කෑලි ගැලවෙන්නේ ගම්පහ ආචාර්යතුමාගේද?

මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ විෂය පථයට අයත් ආයතන පහෙන් තුනක් මේ වන විට ඔහුගෙන් ඉවත් කර හමාරයි.

ඒ ආකාරයටම තවත් මතභේදයට තුඩු දී තිබෙන රාජ්‍ය අමාත්‍යවරයෙකු සතු විෂය පථයේ ආයතනද ඔහුගෙන් ඉවත් කිරීමේ සූදානමක් තිබෙන බවයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

හතර වටින්ම චෝදනා

පළමු වතාවට පාර්ලිමේන්තුවට පැමිණි එම රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහල තැන් වලට පැමිණිලි ඉදිරිපත් වී තිබෙනවා.

දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව එම රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්න ආචාර්ය නාලක ගොඩහේවායි.

දිස්ත්‍රික්ක ප්‍රශ්නත් එලියට

පහුගිය කාල වකවානුව තුළ රාජ්‍ය අමාත්‍යවරයා කළ ප්‍රකාශ මෙන්ම මැදිහත් වූ සිද්ධීන්ගෙන් රජයට අත් වූ අප්‍රසාදය හා අලාභය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ හැරුණු කොට රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන ඔහු නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් තුළද බරපතළ අප්‍රසාදයක් තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා සමග ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින ප්‍රබලම දේශපාලන චරිතයක නොවිසිදුනු ප්‍රශ්න රැසක් තිබෙන බවද දැනගන්නට තිබෙනවා.

පසුගිය මහ මැතිවරණයට නාම යෝජනා දුන් අවස්ථාවේ සිටම මෙම ප්‍රශ්න තිබෙන බවත් වාර්තා වනවා.

දිස්ත්‍රික් ප්‍රබලයෙකුගේ සහාය .

ඒ නිසාම රාජ්‍ය අමාත්‍යවරයාගේ කෑලි ගැලවීමේ වැඩපිළිවෙළේ මූලිකත්වය ඔහු දරන බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

කෙසේ වෙතත් ඉතා නුදුරේදීම මෙම රාජ්‍ය අමාත්‍යවරයා යටතේ ඇති අමාත්‍යාංශයේ බොහෝ විෂය පථයන් ඉවත් වීමට නියමිත බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Rate this item
(2 votes)
Last modified on Sunday, 08 August 2021 11:55

Related items