May 01, 2024

මම ප්‍රභාකරන්ට කරපු දේ හරි නිසයි ජනපතිවරණයේදී දෙමළ ජනයා මට ඡන්දය දුන්නේ - සරත් ෆොන්සේකා

තමා මෙම යුද්ධය ඊළඟ යුද හමුදාපතිවරයාට ඉවර කිරීමට ඉඩ නොතියන බවත් මීළඟ මහවිරු සැමරුම සමරන්න ප්‍රභාකරන්ට ඉඩ නොතියන බව තමා 2008 වර්ෂයේදී ප්‍රකාශ කළ බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුව අමතා ප්‍රකාශ කරයි.

විජයග්‍රහනයේ 12 වැනි සැමරුම වෙනුවෙන් පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කළ සරත් ෆොන්සේකා මහතා ඊයේ (18) මෙම පාලිමේන්තුව ඇතැම් මන්ත්‍රීවරුන් එල්ටීටීඊ සංවිධානය සටන් කළේ දෙමළ ජනතාව වෙනුවෙන් බව ප්‍රකාශ කිරීම පිළිබඳව තමන් කණගාටුවන බවද සඳහන් කරයි.

එක් ජන කොට්ඨාශයක අයිතීන් වෙනුවෙන් තවත් ජන කොට්ඨාශයක සිවිල් ජනතාව මරා දැමීමට කිසිදු අයිතියක් නැති බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා දළදා මාලිගාවට හා ශ්‍රී මහා බෝධීන් වහන්සේට පහර දීමට මහා සංඝරත්නය ඝාතනය කිරීමට , ගම්වල ජීවත් වූ අහිංසක මව්වරුන් සහ බඩ දරු මව්වරුන් ඝාතනය කරන්ඩ අවසර තිබෙනවාදැයි තමා එම මන්ත්‍රීවරුන් ගෙන් ප්‍රශ්න කිරීමට කැමති බවද ෆොන්සේකා මහතා සඳහන් කරයි.

තමා යුද හමුදාපතිවරයා හැටියට කටයුතු කළේ සමස්ත ජාතියටම සාමය ලබාදීමටත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට සාමය උදාකර දීමටත් බව පෙන්වා දෙන ෆොන්සේකා මහතා 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ යුද හමුදාපති වූ තමාට දෙමළ ජනතාව වෛරයකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වූයේ ඒ හේතුව නිසාවෙන බවද සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 19 May 2021 12:55