May 01, 2024

මහජන ආරක්ෂක ඇමති නිවට, බියගුළු, කෙළෙහි ගුණ නොදන්නා පුද්ගලයෙක් - ෆොන්සේකාගෙන් වීරසේකරට ප්‍රතිචාර

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති නිවට බියගුලු පුද්ගලයකු බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සරත් වීරසේකර මහතාව පාර්ලිමේන්තුවේ දී හඳුන්වා දෙන ලදී.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා හෝන් එකක් එකක් ගහපු මිනිහෙක්ව අල්ලගෙන හරියට මරු සිරා අල්ලගත්තා වගේ දඟලන තැනැත්තෙකු ලෙසට ද හඳුන්වා දෙන ලදී.

සරත් ෆොන්සේකා මහතාද කෝවිඩ් 19 විවාදය එක්වෙමින් මාතෘකාවට අදාළව කතා කොට ටික වෙලාවකට පසු රටේ ආර්ථිකය, පොර ප්‍රශ්නය ආදී මාතෘකා ඔස්සේ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයට පැමිණ සරත් වීරසේකර මහතාට පෙරළා ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කරන ලදී.

එහිදී සරත් වීරසේකර මහතාව නාවික හමුදාවෙන් ඉවත් කලවිට තොරතුරක් ඉල්ලා තමා හමුවේ හඬා වැටුනු ආකාරය වීරසේකර මහතා ඉදිරියේ ම සිහිපත් කළ ෆොන්සේකා මහතා කෙළෙහි ගුණ නොදන්නා මිනිසුන් තමන්ට මඩගහන බවද සඳහන් කරන ලදී.

සරත් වීරසේකර මහතා ප්‍රධානත්වය දැරූ සිවිල් බලකායේ අනුව යුද්ධ කළ සේනාංකයක් නොවන බවද පාර්ලිමේන්තුව හමුවේ ෆොන්සේකා මහතා පෙන්වා දෙන ලදී.

ඩොලර් වලට යට වුණේ තමන් නොව ජිනීවා ගොස් අනුන්ගේ ඩොලර් වලින් කා බී ප්‍රීති වූ පුද්ගලයන් බවට චෝදනා එල්ල කෙරේද වීරසේකර මහතා ඉලක්ක කොට ගෙනය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මහ මොළකරුවෙකු තමන් සොයා ගත් බව ප්‍රකාශ කරන මෙවැනි මහජන ආරක්ෂක ඇමැතිවරුන් හමු වේ රටේ ආරක්ෂාව තහවුරු වන්නේ කෙසේදැයි යන්නද ෆොන්සේකා මහතා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන ලදී.

මේ ආකාරයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයකු තබාගැනීම මේ ආණ්ඩුවේ බිඳවැටීමට හේතු වන බව ජනපතිවරයා තේරුම් ගත යුතු බව ද ෆොන්සේකා මහතා සදහන් කළේ පාර්ලිමේන්තුවට පැමිණි ජනපතිවරයා සභා ගැබේ නොහිටියද ඉන්නා තැනක සිට මෙම කතාව අසා සිටින බවද සඳහන් කරමිනි.

ෆොන්සේකා මහතාගේ ප්‍රහාර හමුවේ එක් අවස්ථාවකදී පමණක් නැගී සිටිමින් ඊට ප්‍රතිචාර දැක්වූ වීරසේකර මහතා ඉන්පසු ෆොන්සේකා මහතා එල්ල කළ චෝදනාවන්ට පිළිතුරු දීමට ඉදිරිපත් නොවීම ද විශේෂත්වයකි.

ෆොන්සේකා මහතාගේ කතාව අතරතුර ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යවරයා ෆොන්සේකා මහතා පොහොර ගැන පැවසූ කාරණයකට පිළිතුරු දීමට නැගී සිටි අතර ඒ අවස්ථාවේ ෆොන්සේකා මහතා රණවීර මහතා අමතා "මේ මගේ කැලණියේ මිත්‍රයා" යැයි පවසමින් රණවීර මහතාට උණුසුම් ප්‍රතිචාර දක්වන ලදී.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 May 2021 13:13