May 18, 2024

මගේ මන්ත්‍රී ධූරය බේරලා දුන්නෙ මහින්ද රාජපක්ෂ : සමගි ජනබලවේග මන්ත්‍රීගෙන් විශේෂ එළිදරව්වක්

තමා, 2010 දී එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ තරඟ කොට එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය රජයට එක්වීම පිළිබඳව බොහෝ දෙනකු නොදන්නා හෙලිදරව්වක් මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයා ඒෂියන් මිරර් හමුවේ හෙළිදරව් කරණ ලදි.

තමා 2010දී එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ රජය සමඟ සම්බන්ධ වූයේ තමාගේ පුද්ගලික දේශපාලන කාරණයක් නිසා බවත් ඒ බව ටික දෙනෙක් දන්නා අතර බොහෝ දෙනකු නොදන්නා බව නානායක්කාර මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

සමගි ජන බලවේගයෙන් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන නානයක්කාර මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ ඉතාම අසීරු මැතිවරණයකට මුහුණ දී පාර්ලිමේන්තුවට තේරී පත් වී සති දෙකකට පමණ පසු තමාගේ මන්ත්‍රීධුරය අහෝසි කිරීමට තමාට විරුද්ධව මැතිවරණ නඩුවක් ගොනු කළ බවය.

තමා මෙම මැතිවරණයේදී වසර 16ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කළ වජිර අබේවර්ධනව පවා පරාජය කළ බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා තමාට එරෙහිව ලයිස්තුවේ 4 වැනියා ලැයිස්තුවේ 3 වැනියා වන වජිර අබේවර්ධන මහතාගේ කීමට තමාගේ මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් නඩු පැවරූ බව ද එළිදරව් කරයි.

නැවත ගණන් කිරීමේදී කිසිදු ප්‍රශ්නයක් සිදු නොවන බැවින් එම නඩුවට තමාට බිය වීමට කිසිදු හේතුවක් නොතිබූ බවත් පෙන්වා දෙන මන්ත්‍රීවරයා පැමිණිල්ල වෙනුවෙන් නඩුවට අවශ්‍ය සියලු විය හියදම් දැරුවේ වජිර අබේවර්ධන මහතා බවට තොරතුරු තමා සතුව තිබූ බවද අවධාරණය කරයි.

එහෙත් ප්‍රශ්නය මතු වූයේ නඩුව සඳහා ගිය පළමු දිනයේ දී බවත් මැතිවරණ කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත්වූ කණ්ඩායම මෙම ඡන්දය යළිත් ගණන් කළ යුතු බවට ප්‍රකාශ කළ බවත් එහෙත් සාමාන්‍යයෙන් මෙවැනි නඩුවක පළමු දිනයේදීම ඡන්දය යළිත් ගණන් කළ යුතු බවට ප්‍රකාශ නොකරන බවද පෙන්වා දෙයි.

ඡන්ද යළි ගණන් කළ යුතු බවට ප්‍රකාශ කරන්නේ විනිසුරු නඩුව ඇසීමෙන් පසු බවත් නීතිපතිවරයාගේ කාර්යය වන්නේ ඊට අදාළ කරුණු රජය පාර්ශවයෙන් ගොනු කිරීම වුවද නීතිපතිවරයා පෙනී හිටියේ පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ඒ අවස්ථාවේ ඇති වූ සැකය මත තොරතුරු සෙවීමේදී තමන්ට දැනගන්නට ලැබුනේ එවකට සිටි මහින්ද රාජපක්ෂ ජනපතිවරයා වජිර අබේවර්ධනගේ අවශ්‍යතාවය මත නීතිපතිවරයාට සහ ඒ අදාළ අංශවලට යම් බලපෑමක් සිදුකර තිබූ බවය.

ඒ තොරතුරු මත තමාව ඉවත් කොට වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවට ගෙන ඒමේ අවශ්‍යතාවයක් තිබෙන බව දැනගන්නට ලැබීමෙන් පසු අසීරුවෙන් ජයග්‍රහණය කළ මෙම මන්ත්‍රීධූරය තවත් අයකුගේ බිල්ලක් බවට පත්කිරීමට තමා සූදානම් නොවූ බව ද මන්ත්‍රීවරයා හෙළිකරයි.

ඒ අවස්ථාවේ තමා දුරකථනයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට කතා කොට ආණ්ඩුවට එක්වීමට අවශ්‍ය බව දන්වා සිටී බවද සඳහන් කරයි.

තමා එසේ ආණ්ඩුවට සම්බන්ධ වීමෙන් සතියකට පමණ පසු නඩුව කතා කළ දෙවැනි අවස්ථාවේ නීතිපති වරයාව අරලියගහ මන්දිරයට කැඳවා අවශ්‍ය කරන උපදෙස් ලබා දීමෙන් පසු නඩු වාරයට සහභාගී වූ අවස්ථාවේ ඊලඟ වතාවේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් පැමිණි නිලධාරීන් වෙනුවට වෙනත් නිලධාරීන් පැමිණ මේ නඩුව යළි ගණන් කරනවට තමන් විරුද්ධ බව ප්‍රකාශ කළ බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

අදාල නිලධාරීන් මැතිවරණ ඉතිහාසයේ මෙවැනි නඩු 61කදීම සිදුවී තිබෙන ආකාරයටම මේ නඩුවටත් විරුද්ධ වෙන බව ප්‍රකාශ කලායැයිද ටික කලකට පසු නඩුව විසිවී ගිය බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

එහෙත් තමා යන තැන රාජකාරිය හරියටම ඉටුකිරීමට දන්නා බවත් ආණ්ඩුවේ සිටියදී ආණ්ඩුවේ රාජකාරියත් විපක්ෂයේ සිටියදී විපක්ෂයේ රාජකාරියත් හරියාකාරව ඉටු කළ මහජන නියෝජිත බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා මේ කරුණු හෙළිදරව් කළේ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

Rate this item
(2 votes)
Last modified on Thursday, 01 April 2021 10:34