May 05, 2024

ඇමති වීරසේකර - මන්ත්‍රී මනූෂ ගැටෙයි: කතානායකවරයාටත් චෝදනා

මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා සහ සමගි ජන බලවේග මන්ත්‍රී මනුෂ නානයක්කාර මහතා අතර පාර්ලිමේන්තුවේදී වචන හුවමාරුවක් සිදු වූයේ නානයක්කාර මහතාට කතානායකවරයා පැවරූ වාරණයක් නිසා.

මීට පෙර දිනක නානයක්කාර මහතා ඉදිරිපත් කළ චෝදනාවකට වීරසේකර අමාත්‍යවරයා කථානායකවරයාගේ අවසරය මත විශේෂ ප්‍රකාශයක් කළ අතර ඊට පිළිතුරු දීමට නානායක්කාර මන්ත්‍රීවරයා සූදානම් වූ අවස්ථාවේ කතානායකවරයා එය වළක්වන ලද්දේ ඒ සඳහා වෙනම විවාදයක් ඉල්ලා ගන්න ලෙස සදහන් කරමින්.

කතානායක හොරු රකිනවා

ඒ සමගම ඉතා උද්වේගකරව අදහස් දක්වමින් චෝදනා කළේ කතානායකවරයා හොරු රකින බවටයි.

ඉන් නොනැවතුණු නානයක්කාර මන්ත්‍රීවරයා තමා වීරසේකර අමාත්‍යවරයා සම්බන්ධයෙන් කළ මේ හෙළිදරව්වෙන් පසු වූ තමාට එරෙහිව තිබෙන වැරදි සොයන ලෙස වීරසේකර අමාත්‍යවරයා හබරාදූව සහ අහංගම පොලිසි වලට උපදෙස් දී ඇති බව සභාව හමුවේ හෙළිදරව් කළා.

එහෙත් මන්ත්‍රීවරයාගේ එම චෝදනාවන්ට අමාත්‍යවරයා පිළිතුරු දුන්නේ නැහැ.          

මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට මේ සම්බන්ධයෙන් සිය අදහස පල කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද කථානායකවරයාගෙන් ඉල්ලීමක් කළද ඊට යහපත් ප්‍රතිචාරයක් ඔහුගෙන්  ලැබුනේ නැහැ.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 03 August 2021 12:35

Related items