May 05, 2024

"ජනාධිපතිතුමනි, ඔබතුමාට ෆේල් නොකිය ඉන්නම්" - මනුෂගේ ඉල්ලීම ජනපතිට කියයි

September 04, 2021

උද්දච්චකම පසෙකින් තබා රටේ ප‍්‍රශ්ණවලට විසදුම් ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ජනාධිපතිවරයා තමන්ගේ උද්දච්කම පසෙකින් තබා රටේ ආහාර සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් ගැටලු ඇති කරන පොහොර ප‍්‍රශ්ණයට විසදුම් ලබාදිය යුතු බවත්, ගුරු වැටුප් ප‍්‍රශ්ණයට විසදුම් ලබාදී දරුව්න්ගේ අධ්‍යාපනය යථා තත්වයට පත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු සදහන් කළා.

ජනතාවගේ ගැටලුවලට විසදුම් ලබාදෙන්නේ නම් ජනාධිපතිවරයා ෆේල් බව නොකියා සිටිය හැකි බවද මන්ත‍්‍රීවරයා පැවසුවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ මන්ත‍්‍රීවරයා මෙසේද සඳහන් කළා,

"සීනි වලට අලුත් ගැසට් එකක් ගහලා තියෙනවා. ගිය අවුරුද්දේ නොවැම්බර් 10 වැනිදා සීනිවලට ගැසට් එකක් ගැහුවා. ඒ කාලේ සුදු සීනි පැකට් එකක උපරිම සිල්ලර මිල වුනේ රුපියල් 90ක්. පැකට් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 85යි. ආනයනයකරු විසින් විකිණිය යුතු උපරිම මිල රුපියල් 80ක් වුනා. මේ කාලයේදී තමයි අවුරුද්දකට ඇති තරම් සීනි ලංකාවට ගෙනාවේ. සීනි බද්ද සත විසිපහට අඩු කරපු නිසා තමයි මේ ආකාරයට අති විශාල සීනි තොගයක් ලංකාවට ගෙන ආවේ. ඒ වෙලාවේ තමන්ගේ ගජ මිතුරන් අවුරුද්දකට ප‍්‍රමාණවත් විදියට සීනි ගෙනවිත් ගබඩාවල තැන්පත් කරගත්තා.

දැන් සීනි හිගයක් මවා පාලා සීනි මිල ඉහළ දැම්මා. ආණ්ඩුව සීනි මිල, හාල් මිල පාලනය කිරීමට අවශ්‍ය නිසා හදිසි නීතිය ගෙනවිත් සීනි තියෙන තැන් හොයන්න ගත්තා. සීනි තියෙන තැන් දන්නේ නැද්ද? සීනි තොග තියෙන තැන් බලන්න මාධ්‍ය ආයතන ගිහින් බලන්න ඔ්නද? රේගුවෙන් සීනි තොග රට ඇතුළට එන විට ඒ තොග යන්නේ කොතැනටද කියන එක ගැන රජයේ තොරතුරු තියෙනවා.

ඒ වෙලාවේ සීනි තොග එක් රැස් කළේ කවුද කියලා සොයලා විගණනයක් කරන්න කියලා ඉල්ලීම් ඉදිරිපත් වුනා. ඒත් ඒ ගැන සොයා බැලුවේ නෑ. දැන් මේ සීනි තොග රජයේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා. මේ අත්අඩංගුවට ගත්ත සීනි ජනතාවට අඩු මිලට ලබාදේවි කියලා අපි විශ්වාස කළා. රුපියල් 85 ට සීනි දේවි කියලා අපි හිතුවා. දැන් ගබඩාවලින් ආණ්ඩුව සීනි සල්ලිවලට අරගෙන රුපියල් 130 ගානේ සීනි විකුණනවා. මෙච්චචර කල් ගජ මිතුරන්ට මුදල් හම්බකරගන්න ඉඩ දීලා, ආණ්ඩුවම සල්ලිවලට ගන්නවා. මේ සීනි රාජසන්තක කළානම් සල්ලි දෙන්නේ මොකද? දැන් මේ සීනි රාජසන්කත කරනවා වෙනුවට ආණ්ඩුව බිස්නස් එකක් කරනවා. තොග මිල රුපියල් 116ක් දාලා, සිල්ලර මිල රුපියල් 122 සිට 127 දක්වා මිල ගණන් දාලා ගැසට් එකක් ගහනවා

මේ දත්ත තිබුණේ කොහේද?

දැන් බලන්න ඇන්ටිජන්. රුපියල් දෙසීයට, තුන්සීයට ලෝකයේ ඇන්ටිජන් ගෙන්වීමට හැකියාව තිබියදී ඒ අයට ඇන්ටිජන් කට්ටල ගෙන්විමට අවසර දෙන්නේ නෑ. ඖෂධ නියාමන අධිකාරිය හරහා එන්න දෙන්නේ නෑ. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකිලා. අපිට අපේ ඇන්ටිජන් පරීක්ෂාව කරගන්න තිබුණ අවස්ථාව නැති කරලා. මේ දත්ත තිබුණේ කොහේද? ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ තමයි මේ දත්ත තියෙන්නේ. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩා කරලා තියෙන ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා, සහ ඇන්ටිජන් ගෙන්වන අය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා හොයලා බලන්න. එකට  ලියුම් ගහලා අත්සන් කරන අය තමයි මේ කොල්ලකෑම් කරන්නේ. කොරෝනාව ගරානාවක් කරගන්නේ.

ඒ විතරක් නෙමෙයි ලංකාවට නිරෝධායනයට එන අයත් නිරෝධායනය කරන්නේ ගජ මිතුරන්. ආණ්ඩු ගෙන ආපු අයට ලබාදෙන උදව්වක් විදියට තමයි මේ අයට හම්බකරගන්න දීලා තියෙන්නේ.

පොහොර ප‍්‍රශ්ණය විසදන්න

අද වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් ඇතිවෙලා තියෙනවා. සීනි කිලෝ එක කිලෝ එක ගන්න පෝලිමේ ඉන්න වෙලා. ගෑස් සිලින්ඩරය ගන්න පෝලිමේ යන්න වෙලා. අද වාහනවලට ටයර් එකක් දාගන්න විදියක් නෑ. මේකෙන් නිෂ්පාදන ආර්ථිකය කඩාගෙන වැටිලා, රටේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. දැන් පොහොර තහනම් කිරීමට ගැසට් එකක් ගැහුවා. පොහොර තහනමට ගැසට් ගැහුවට පස්සේ එළවළු ගොවියාගේ ඵලදාව සියයට 40කින් අඩුවෙලා. තේ කර්මාන්තයේ යෙදෙන අයගේ ඵලදාව සියයට 50කට අඩුවෙලා. වී ගොවියාගේ නිෂ්පාදනය පහළ වැටිලා. බඩ ඉරිගු ගොවියා ලබන කන්නය වගා කරනවාද නැද්ද කියලා කල්පනා කරනවා. ආහාර සුරක්ෂිතතාවය පිළිබද බරපතල ප‍්‍රශ්ණයක් ඇතිවෙලා.

පොහොර ආනයනය තහනම් කිරීම නිසා ආහාර හිගයක් ඇතිවෙන්නේ නෑ කියලා ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක ඇවිත් කියනවා. මොන දත්ත මත පදනම් වෙලාද මේ කතා කියන්නේ. කොම්පෝස්ට්වලින් වගාවට අවශ්‍ය නයිට‍්‍රජන් ප‍්‍රමාණය ලබාගත හැකිද? ලංකාවේ නිපදවන කොම්පෝස්ට් වල නයිට‍්‍රජන් ප‍්‍රතිශතය මැනීමට හැකියාව තියෙනවාද?

ජනාධිපතිතුමනි, ඔබේ උද්දච්චකම නිසා, කලට වෙලාවට එන්නත් නොගෙනාපු නිසා, අවුරුදු හැටට වැඩි අය මැරෙනවා. ඔබේ උද්දච්ච කම නිසා නියමිත වෙලාවට රට වැහුවේ නැහැ. රෝගය තවතදුරටත් ව්‍යාප්තවෙන්නේ ඔබේ උද්දච්චකම නිසා. පොහොර ගෙන්වීම තහනම් කරලා උද්දච්ච ආකාරයෙන් කටයුතු කිරීම නිසා රටේ ගොවි ජනතාවගේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා.

ඒ නිසා ගරු ජනාධිපතිතුමනි, අපි ඔබතුමා ෆේල් නොකිය ඉන්නම්. ගැසට් රිවස් කළා නොකියා ඉන්නම්. ලංකාවේ මිනිස්සුන්ට ඔ්න පොහොර ටික ගෙනත් දෙන්න. අපි කෑ නොගහා ඉන්නම්, ගොවීනට අවශ්‍ය වල් නාශක, පොහොර ගෙනැත් දෙන්න. දැන් කොරෝනානිසා නම දහස් ගණනක් මිය ගිහින්. ජනතාවට බඩගින්නේ මැරෙන්න අරින්න එපා. ඔබතුමාගේ උද්දච්චකම පැත්තකට තියලා පොහොර ටික ගේන්න දෙන්න. ඒ වගේම එක් අයෙක්ට පමණක් පොහොර ගේන්න දීලා, ඒකත් ගජ මිතුරන්ගේ ව්‍යාපාරයක් බවට පත් කරගන්න දෙන්න එපා.

ජනතාවට බඩගින්නේ මැරෙන්න අරින්න එපා

පළමු කොරෝනා කාලයේදී ආණ්ඩුඩව ගැසට් ගහලා, පරිප්පු 65 ට සැමන් 100ට දුන්නා. හාල් වලට ගැසට් හතරක් පහක් ගැහුවා. හැබැයි අපිට අදටත් සම්බා කිලෝවක් කඩෙන් ගන්න බෑ. සීනි කිලෝවක් රුපියල් දෙසීය විස්සක් තිහක් වෙනවා. කිරි පිටි ගන්න නෑ. දැන් හාල් නැගලා, පරිප්පු නැගලා, සැමන් නැගලා, ඩොලර් එකත් දෙසීය පැනලා. දවසකට සිදුවන මරණ සංඛ්‍යාවක් දෙසීය පැනලා. මේ හැම එකක්ම දෙසීය පැනලා. ඒක දෛවෝපගත සිදුවීමක්ද මන්දා

මිනිසුන්ට බඩගින්නේ මැරෙන්න දෙන්නේ නැතිව ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් වැඩ කරන්න. පොහොර ටික ගේන්න ඉඩ දෙන්න. ගොවියාගේ ගොවිකම ආරක්ෂා කරලා දෙන්න. ජනතාවට බඩගින්නේ මැරෙන්න දෙන්න එපා. මිනිසුන්ගේ බඩගින්න නැති කරලා, ජීවිත ආරක්ෂා කරන්න ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන්න සූදානම්.

මෙහෙම කතා කියන්නේ මහාචාර්යවරයෙක්ද?

එන්නත්කරණයට විපක්ෂය බාධා කළා මහාචාර්යතුමෙක් ඊයේ කියනවා. එන්නත්කරණය කරන්න කියලා බලපෑම් කළේ, එහෙම කියනකොට ඒකට උසුළු විසුළු කළේ කවුද? අපි එන්නත්කරණය කරන්න කියනකොට ඒකට බාධා කළේ කවුද? සීනි හැංගුවේ විපක්ෂය කියලා ඒ මහාචාර්යවරයා කියනවා. සීනි වංචාව සිදුවන විට පාර්ලිමේන්තුවේදීත්, ඉන් පිටතදීත් කරුණු ඉදිරිපත් කළේ අපි. ඔබතුමා දාගෙන ඉන්න කණ්නාඩි නිසා ඒවා පේන්න නැතිව ඇති.

පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරුවන් අල්ලන්නේ නැති එක ගැන විපක්ෂයට අමාරුවක් තියෙනවා කියලා කියනවා.ඒ ගැන එවකට සිටි ආරක්ෂක ඇමැති, සේනාධිනායකයා තමයි ප‍්‍රහාරය ගැන දැනුවත් කරලා තියෙන්නේ. පාස්කු ප‍්‍රහාරය  විකුණලා තමයි ඔබලා බලයට ආවේ. පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරුවන් අල්ලනවා කියලා තමයි ඔබලා බලයට ආවේ. එහෙම බලයට ආපු අය හොරගල් අහුලමින්, පාස්කු සැකකරුවන් අල්ලන්න කියන අය අත්අඩංගුවට ගන්නේ ඇයි? අල්ලගෙන ගියොත් වල්ගේ ඇල්ලුවා වගේ තමන්ගේ වල්ගය අහුවෙන් නිසාද ඔබලා පාස්කු ප‍්‍රහාරයේ සැකකරුවන් අල්ලන්නේ නැත්තේ මේ මහාචාර්යතුමා කියන තර්ක එක්ක බලනකොට ඔබතුමත් රජරට විශ්ව විද්‍යාලයෙන් ගනිපු ආචාර්ය උපාධියක් වගේ එකක් තියෙනවාද කියන සැකයක් තියෙනවා.

අර රජරට විශ්ව විද්‍යාලයේ ඉදපු මහාචාර්යතුමත් බෙහෙත් මිල වැඩි කළේ ඉල්ලුම කළමනාකරණය කරන්න කියනවා. එතකොට බෙහෙත් ආසාවට බොනවාද? ගෙදර තියෙනවාට බොනවාද? සුදර්ශනි පැනිය හැදුවේ භූත බලවේග එකතුකරගෙන කියලා කියනවා. දැන් අලුතින් කැදක් දෙන්න හදනවා. සායනික පරීක්ෂණයකින් පසුව සාර්ථක නම් රටක් විදියට අපි ඒකට සහාය දෙනවා.

මහාචාර්ය පට්ටම ඉස්සරහින් දාලා, එදා නයි නටවලා, මිනිස්සු රටවන්නද හදන්නේ. නයි ගෙනාවා වගේ, පැණි ගෙනාව වගේ මිනිස්සු රවටන්නද හදන්නේ. 2018 ඔක්තෝමර් 26 වැනිදා පාර්ලිමේන්තුව බලහත්කාරයෙන් අල්ලාගත්ත කළු අතීතයත් එක්ක බලනකොට මේ අය ගැන නම් ලොකු ප‍්‍රශ්ණයක් නෑ. ඔ්ක්තෝබර් 26 වැනිදා බලහත්කාරයෙන් ආණ්ඩුව අල්ලාගත්තා වගේ, තලෙයිබාන් ත‍්‍රස්තවාදීන් රටක් අල්ලාගත්තම ආණ්ඩුව සුබපතනවා. මොන රටේ මොන ආණ්ඩුවද ත‍්‍රස්තවාදී කණ්ඩායමක් රටක් අල්ලාගත්තම සුබපතන්නේ?" යැයි මනූෂ මන්ත්‍රීරයා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 04 September 2021 15:13

Related items