May 04, 2024

මොකද කරන්නේ : අගමැති - අපි ආණ්ඩුවට ගහනවා : මන්ත්‍රී

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේම උපන් දිනයට උදෑසනම සුභ පැතීම අග්‍රාමාත්‍යවරයා කාලයක පටන් කරගෙන එන වැඩ පිළිවෙළක්.

අග්‍රාමාත්‍යවරයා කළ විමසීම

පසුගිය දිනක යෙදී තිබූ මනුෂ නානායක්කාර මහතාගේ උපන්දිනයටද අග්‍රාමාත්‍යවරයා සුපුරුදු පරිදි උදැසනම සුභ කතා තිබුණා.

සුභ පැතීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා මන්ත්‍රීවරයා ගෙන් විමසා තිබෙන්නේ මේ දිනවල මොකද කරන්නෙ කියායි.

මන්ත්‍රීවරයාගේ ප්‍රතිචාරය

ඊට ගත් කටටම පිළිතුරු ලෙස මන්ත්‍රීවරයා සඳහන් කර තිබෙන්නේ "අපි ආණ්ඩුව කරන වැරදි වැඩ විවේචනය කරමින් ඉන්නවා" යන්නයි.

"හොඳයි හොඳයි මනුෂ"යයි ඊට ප්‍රති පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

උපන්දින සුබ පැතීමකදී හෝ වෙන යම් අවස්ථාවකදී හෝ විපක්ෂයේ මන්ත්‍රීවරු අතිබහුතරයක් ආගිය තොරතුරු කතා කරනවා මිස අගමැතිවරයාට එහෙම පිළිතුරක් දෙන්නේ නැහැ.

මනුෂ්‍ය නානයක්කාර මන්ත්‍රීවරයා පොදුජන පෙරමුණ ආණ්ඩුව තදින් විවේචනය කරන විපක්ෂ මන්ත්‍රීවරුන් අතර කෙනෙක් ප්‍රධාන කෙනෙක්.

එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනය ආරම්භ කර ඉන් පසුව මහින්ද රාජපක්ෂ මහතා ජනපතිව සිටිද්දී සිටිද්දී ඔහුට සහාය දුන් නානයක්කාර මහතා මේ වන විට නියෝජනය කරන්නේ සමගි ජන බලවේගයයි.

Rate this item
(2 votes)
Last modified on Saturday, 02 October 2021 16:42