May 05, 2024

යලිත් ඇන්ටිජන් මගඩියක් - මනුෂගෙන් විස්තරාත්මක හෙළිදරව්වක් (VIDEO)

September 09, 2021

මතභේදයට තුඩු දී තිබෙන ඇන්ටිජන් කට්ටල පිළිබඳව හෙළිදරව්වක් මනුෂ නානයක්කාර මන්ත්‍රීවරයා කරනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයා අනාවරණය කරන්නේ එක් සමාගමකට පමණක් ඇන්ටිජන් කට්ටල ගෙන ඒමට හැකිවන පරිදි ටෙන්ඩර් පත්‍රිකාවක්ද මේ වන විට නිකුත් කර ඇති බවයි.

ගජ මිතුරු සංග්‍රහය

මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් මෙම අනාවරණය කරන මන්ත්‍රීවරයා එම පිලිවෙත ආණ්ඩුව කඩා වැටීමට පෙර ඡන්දයට උදව් කළ අයට මුදල් හම්බ කර ගැනීමට අවස්ථාව ලබා දීමක්දැයි ප්‍රශ්න කරනවා.

ඇන්ටිජෙන් කට්ටල ගෙන්වීම පිළිබඳ ටෙන්ඩර් කැඳවීම කරන ලද්දේ ඔන්ලයින් ක්‍රමයට විවෘතව බව තමන් ඇතුළු විපක්ෂය පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළ කළ බවද පෙන්වා දෙන මන්ත්‍රීවරයා එම හෙලිදරව්ව බොරුවක් යැයි පැවසූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අද ඒ ගැන කිසිවක් ප්‍රකාශ නොකරන බවද මාධ්‍ය හමුවේ සඳහන් කළා.

ටෙන්ඩර් බොරුව

අදාළ ටෙන්ඩර් පත්‍රිකා අතින් ගොස් භාර දුන් බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශය බොරු බව මේ වන විට තමන් ඇතුළු විපක්ෂය ඔප්පු කර ඇති බවයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එදා කියපු දේ බොරු බව දැන් ඔප්පු කර තිබියදී තවදුරටත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් නිහඬව සිටින්නේ කවුරුන් ආරක්ෂා කරන්නදැයි යන්නද මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා.

කඩිමුඩියේ යලි ගෙන්වීම

ඇමරිකාවෙන් තෑගි ලෙස ඇන්ටිජන් කට්ටල ලක්ෂ 5 ක් ලබාදී තිබෙන බවද පෙන්වා දෙන මන්ත්‍රීවරයා දැනට දිනකට අවශ්‍ය වන්නේ ඇන්ටිජන් කට්ටල 15000ක් පමණ පමණ බවද සදහන් කරනවා.

රටට ගෙනැවිත් තිබෙන ඇන්ටිජන් කට්ටල තව විශාල තොගයක් ඉතිරිව තිබියදී යළිත් ඇන්ටිජන් කට්ටල කඩිමුඩියේ කැඳවීමට ටෙන්ඩර් කැඳවා තිබෙන බවයි මන්ත්‍රීවරයා හෙළිදරව් කරන්නේ.

එම ටෙන්ඩර් පත්‍රයද හදා තිබෙන්නේ එක් කණ්ඩායමකට පමණක් ටෙන්ඩර් ඉදිරිපත් කළ හැකි ආකාරයට පමණක් බවද මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

මිල ගණනුත් සමාගමට අවශ්‍ය විදියට

එපමනක් නොව ඇන්ටිජන් කට්ටල එක් කට්ටලයක් සඳහා රු.1132ක් එම කට්ටල ගෙන්වන අදාල සමාගමේ අවශ්‍යතාවය මත වෙන්කර තිබෙන බවටයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.

එමෙන්ම මෙම ඇන්ටිජන් ටෙන්ඩර් ගනුදෙනුවේදී ඒ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වාදී ඇති වී නිර්ණායකයන් පිළිබඳවද අවධානයක් යොමු කර නැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 September 2021 17:10