May 05, 2024

පිල්ලෙයාන්ට දීලා තියෙන ආරක්ෂාව දැක්කම ලැජ්ජයි - ෆොන්සේකා

February 11, 2021

තමන් යටතේ සිටින පොලිස් හමුදාව සහ විශේෂ ආරක්ෂක බලකාය නිවට පිරිසක් බවට පත්කිරීමට ඉඩ නොදෙන බව අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ ත්‍රස්තවාදී පුද්ගලයකු සමඟ ආශ්‍රය කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතාගේ ආරක්ෂක පිරිස ඉවත්කරනු ලැබුවත් ත්‍රස්තවාදීන්ට ආරක්ෂාව ලබාදීමට කටයුතු කර ඇති බවය.

තමන්ගේ කාර්යාලයට දණ ගහගෙන පැමිණි පිල්ලෙයාන් වැනි පුද්ගලයින්ට හමුදා භටයින් රාශියක් ආරක්ෂාවට ලබා දී ඇති බවත් ඒවා දකින විට ලැජ්ජා වන බවත් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

Rate this item
(0 votes)