May 16, 2024

තිස්සගේ දුවට තානාපති පත්වීමක්..ස ජ බ කැළඹෙයි - රාජපක්ෂලා සමග ඩීල් තිබෙන බවට චෝදනා

සමගි ජන බලවේගය ප්‍රධාන සංවිධායක තිස්ස අත්තනායක මහතාගේ දියණියට ආණ්ඩුව තානාපති අංශයේ පත් වීමක් දීම පිළිබඳව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් තුළ විරෝධයක් ඉස්මතුවී තිබේ.

මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් රැසක්ම එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් කරුණු විමසා ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රේමදාස මහතා කෙබඳු ප්‍රතිචාරයක් දක්වනු ඇතිද යන්න පිළිබඳ තිබෙන්නේ අව්නිශ්චිත තත්ත්වයකි.

අත්තනායක මහතාගේ දියණියගේ පත්වීමට විරෝධය දක්වන මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ මෙම සිද්ධියෙන් ආණ්ඩුව හා අත්තනායක මහතා අතර තිබෙන රහසිගත සබඳතා පෙන්නුම් කරන බවය.

සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව සමගි ජනබලවේගය නිර්මාණය කිරීමේ මුලිකයෙකු වූ අත්තනායක මහතා 2015 ජනපතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට එක්වී ටික කලකට සෞඛ්‍ය අමාත්‍ය ධූරය ද දරන ලදී.

තිස්ස අත්තනායක මහතාව සමගි ජන බලවේගයේ සමාරම්භක කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කොට එහි උණුසුම යාමටත් මත්තෙන් එවැන්නක් සිදුවීම සම්බන්ධයෙන් එම සංවිධානයේ බහුතරයක් තුළ කළකිරීමක් ඇතිව තිබේ.

තිස්ස අත්තනායක මහතාගේ දියණිය වන දුල්මිණි ඉන්ද්‍රචාපා අත්තනායක මහත්මියව ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වැනි ලේකම් ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය මීට ටික දිනකට පෙර පත්කොට තිබේ.

අත්තනායක මහතාගේ දියණිය ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි වාසය කරයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 January 2021 12:56

Related items