May 02, 2024

සමගි ජන බලවේගයේ මැයි දින සැලැස්ම ගැන තිස්ස කියයි

සමගි ජන බලවේගය අදට (1) යෙදී තිබෙන මැයි දිනය නිමිත්තෙන් කිසිදු නිල කටයුත්තක් සිදු නොකරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කරයි.

සමගි ජන බලවේගය බිහිකිරීමෙන් පසු පැවැත්වෙන පළමු මැයි දිනය මෙවර මැයි දිනය බව පෙන්වා දෙන අත්තනායක මහතා ඉතා ඉහළින් එය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබූ බවද අවධාරණය කරයි.

එහෙත් පවතින වසංගත තත්ත්වය හමුවේ මැයි දින රැළි සහ රැස්වීම් තහනම් කිරීමේ රජයේ නියෝගය මත මෙවර මැයි දිනය පැවැත්වීමට නොහැකි වුවත් වසංගත තත්ත්වය පහව යෑමෙන් පසු වැඩ කරන ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වීමට පක්ෂය තීරණය කොට තිබෙන බවද අනාවරණය කරයි.

ඇතැම් පක්ෂ සුම් තාක්ෂණය ඔස්සේ අද (1) සිය පක්ෂයේ වැඩ කරන ජනතාව අමතා මැයි දින සැමරුමක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

එවැන්නක් පැවැත්වීමට සමගි ජන ජනබලවේගයේ අදහසක් නොමැතිදැයි කළ විමසුමට පිළිතුරු දෙමින් අත්තනායක මහතා සඳහන් කළේ සමගි ජන බලවේගය තුළ එවැනි වැඩපිළිවෙළක් මෙවර නොමැති බවය.

Rate this item
(0 votes)
Last modified on Friday, 30 April 2021 22:24