හෙට (05) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහා විපක්ෂයේ 20 අසුන පනවා ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
විපක්ෂයේ 20 වෙනි අසුන ඉදිරිපෙළ අසුනක් වන අතර එය ඉදිරි පෙළ අන්තිම අසුන ද වේ.
එහෙත් මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට අතුරලියේ රතන හිමියන් බලාපොරොත්තුවෙන් සිටින බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.
අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව පත් කොට තිබේ.