May 04, 2024

අද මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙන අතුරලියේ රතන හිමි ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමේ සුදානමක්

අද (05) අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දෙන පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දිවුරුම් දීමෙන් පසු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට තීරණය කොට තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපේ ජන බල පක්ෂය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පත් කරන බව මීට ටික දිනකට පෙර මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතා විසින් දැනුම් දෙන ලදී.

මතභේදයට හා නඩු හබවලට ලක්ව තිබූ අපේ ජන බල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට ලබාදීමට එම පක්ෂයේ ඒකමතික කැමැත්ත ලැබී ඇති බවද දැනගන්නට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 January 2021 15:59