May 04, 2024

මන්ත්‍රී ලෙස නම් කළ රතන හිමිගෙන් අමුතුම කතාවක් - සහාය ජනපතිට නොවෙයි, ජනපතිගේ වැඩපිළිවෙළටලු

December 22, 2020

ගෝඨාභය රාජපක්ෂ ජනපති ගැන බලාපොරොත්තුවක් තවම අපට තිබෙනවා. එහෙත් අවාසනාවකට ජනපතිවරයාට ශක්තිය දෙන්න පිරිසක් නැති බව පෙනෙන්ට තිබෙන බව අපේ ජන බල පක්ෂයේ පුරප්පාඩුව පැවති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කෙරුණු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කරයි.

තමන් වහන්සේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගත්තත් විපක්ෂයේ අසුන් ගත්තත් හරි දේ වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වා දෙන අතුරලියේ රතන හිමියන් තමන් වහන්සේට ලැබුණු මන්ත්‍රී ධූරය සාංඝික මන්ත්‍රීධුරයක් ලෙස හඳුන්වා දෙයි.

තමන් වහන්සේ නියෝජනය කරන්නේ වෙනම පක්ෂයක් මෙන්ම වෙනම බලවේගයක් බව ද පෙන්වා දෙන උන් වහන්සේ තමන් වහන්සේගේ අරමුණ එම බලවේගයට පණ පෙවීම මිසක් කාගෙවත් කරුවක් වීම සඳහා පාර්ලිමේන්තුවට නොයෑම බවද අවධාරණය කරයි.

තමන් වහන්සේ ජනපතිට නොව ජනපති විසින් ඉදිරිපත් කළ දැක්මට උදව් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඒ දැක්ම ඉදිරියට තල්ලු කරගෙන යෑමට සදහා අධිෂ්ඨානශීලීව කටයුතු කරන බවද රතන හිමියන් වැඩිදුරටත් සදහන් කරයි.

උන්වහන්සේ මෙම අදහස් පල කළ මාධ්‍ය හමුව පවත්වන ලද්දේ සඳහම් සෙවණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේය.

අපේ ජන බල පක්ෂයේ පුරප්පාඩුව තිබූ ජාතික මන්ත්‍රීධූරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම ගැසට් කරන බව ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති අධි නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා විසින් පසුගියදා ප්‍රකාශයට පත් කොට තිබේ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 21 December 2020 15:36