April 28, 2024

රනිල් - රතන හිමි එළවන සැලැස්මක්! කළකට පසු නාගානන්ද කරළියට

පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයට ඔවුන් ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 01 බැගින් හිමි වුණා.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරු පසුගිය වසරේ අගොස්තු මස 07 වැනිදා මැතිවරණ කොමිසම විසින් ඡන්දයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර හිමිකරගත් සියලු පක්ෂවලට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර සතියක් තුළ නම් කරන ලෙසයි.

නමුත් එක්සත් ජාතික පක්ෂයට හෝ අපේ ජන බල පක්ෂයට එම සතියක කාලය තුළ සිය මන්ත්‍රී ධූර නම් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

මෙම සතියක කාලය තුළදී එම පක්ෂ 02ක විසින් සිය ජාතික මන්ත්‍රීධූරයන් නම් නොකළ බවට චෝදනා කරමින් ඊයේ (13) දිනයේ දී ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නාගානන්ද කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසක් විසින් පෙත්මසක් ගොනු කර තිබුණා.

ඔවුන් සිය පෙත්සම හරහා අවධාරණය කර තිබුණේ නියමිත කාලය තුළ නම් ඉදිරිපත් නොකර පසුව එක්සත් ජාතික පක්ෂය විසින් රනිල් වික්‍රමසිංහ මහතාද, අපේ ජන බල පක්ෂයෙන් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම් මැතිවරණ කොමිසම විසින් පිළිගැනීම මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැටහැනි බවයි.

එමෙන්ම තමන්ගේ සහ රටේ මහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට පෙත්සම හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්කරුවන් විසින් දන්වා තිබුණා.

ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මෙම මන්ත්‍රී ධූරයන් දෙක වහාම අහෝසි කරන ලෙසයි.

Rate this item
(1 Vote)