May 05, 2024

MCC කොට උඩ ගියේ ආණ්ඩුවේ ක්‍රමය ඇමරිකාව ප්‍රතික්ෂේප කළ නිසයි

December 22, 2020

MCC ගිවිසුම අත්සන් කිරීමට වත්මන් ආණ්ඩුවට අවශ්‍ය වුවද එය වෙනත් නමකින් අත්සන් කිරීම වැනි පස්සේ දොරෙන් කරන වැඩවලට ඇමරිකාව එකඟ නොවීම නිසා එය අත්සන් කරගැනීමට නොහැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය. 

ලෝක බලවතෙක් ලෙස මෙරට දේශපාලන න්‍යාය පත්‍ර සඳහා ඔවුන් පස්සා දොරින් පැමිණීම ප්‍රතික්ෂේප කරමින් මුදල් ලබා දෙන ආකාරය පැහැදිලි ලෙසම ඇමරිකාව පවසා ඇති බව මන්ත්‍රීවරයා කියා සිටියේය. 

කෙසේවෙතත් ඔවුන් එම මුදල් ලංකාවට ලබා දීමට ගිය ආකාරයේ වැරැද්දක් නොතිබුණු බවද හෙතෙම පැවසුවේය. 

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට පැවරීමේ සූදානම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ කොළඹ වරාය යනු විශාල වශයෙන් ලාභ ලබන ආයතනයක් ලෙස එය කැලී කඩ කඩා හෝ විකිණීම අනාගත පරපුරට කරන ද්‍රෝහී කමක් බවයි. 

Rate this item
(0 votes)
Last modified on Monday, 21 December 2020 15:06