May 21, 2024

"මහේල කියන්නේ දකුණු කෙනෙක් වහල්කම් ජානවල තියෙනවා" යන ප්‍රකාශයට මහේල දුන් උත්තරය

December 19, 2020

ට්විටර් සමාජජාල පරිශීලකයෙකු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් නායක මෙන්ම සුපිරි පිතිකරුවෙකු සහ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මහේල් ජයවර්ධන හට අපහාසාත්මක අයුරින් කමෙන්ටුවක් එම සමාජජාලයේ මහේල විසින් පළ කර තිබූ සටහනකට දමා තිබේ.

එම පුද්ගලයා එහිදී මහේල වෙත කියා තිබුණේ "මහේල කියන්නේ දකුණේ කෙනෙක් වහල් ජාන ඇඟේම තියෙනවා" යනුවෙනි.

ඔහු මෙලෙස පවසා තිබුණේ නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සභාපතිවරයා වන මහේල ජයවර්ධන සහ එම කවුන්සිලයේ අනිකුත් සාමාජිකයන් සහභාගී වූ රැස්වීමක් අතර ගත් ඡායාරූපයකට පිළිතුරු වශයෙනි.
එම පිළිතුරුට ප්‍රති පිළිතුරු දීමට මහේල කටයුතු කර තිබුණු අතර එහිදී ඔහු ලබාදුන් පිළිතුරු සම්බන්ධයෙන් බොහෝ පිරිසකගේ පැසසුම් හිමිව තිබේ.

එහිදී මහේල් කියා තිබුණේ "මගේ රට විනාශ කරන වහලෙකු වනවාට වඩා, මගේ රට දියුණු කරන වහලෙකු වීම ගැන මට සතුටුයි" යනුවෙනි.

බොහෝ දෙනා මහේලගේ පිළිතුර සම්බන්ධයෙන් කියා තිබුණේ ඔහු ක්‍රීඩාව තුළින් ලෝක පූජිත වීමට හේතුව සහ මහත්වරුන්ගේ ක්‍රීඩාව තුළ මහත්මයෙකු වීමට හේතුව එම පිළිතුර තුළින්ම පෙනෙන බවයි.

මහේල ලබා දුන් පිළිතුර සහිත ට්විටර් සටහන පහතින්,

Rate this item
(0 votes)