May 05, 2024

ස.ජ.බ ෆොන්සේකා හා තුෂාර ඉඳුනිල් පැටලෙයි - “මට උපදෙස් දෙන්න මම ඔයා යටතේ හිටපු කෝප්‍රල් කෙනෙක් නෙමෙයි”

December 14, 2020

සමගි ජන බලවේගය නියෝජනය කරන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හා තුෂාර ඉඳුනිල් අමරසේන යන මහත්වරුන් අතර අයවැය විවාද අතරතුර පාර්ලිමේන්තු සභා ගැබේදී වචන හුවමාරුවක් සිදු වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

ඒ සරත් ෆොන්සේකා මහතා නිරන්තරයෙන්ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන ජාතිවාදී අදහස් වලට එරෙහිව නැගී සිටීම මුල් කොටගෙනය.

සරත් ෆොන්සේකා මහතා දිගින් දිගටම මේ ආකාරයට අපට පහර දෙන්නේ නම් සමගි ජන බලවේගයට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නැතිවන බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයෙක් වන චාල්ස් නිර්මලනාදන් විසින් තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයාව දැනුවත් කොට තිබේ.

චාල්ස් නිර්මලනාදන් මහතාගේ මෙම අදහස මත තුෂාර ඉඳුනිල් මන්ත්‍රීවරයා ෆොන්සේකා මහතා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයෙකු දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දැක්වීමට යෑමේදී ෆොන්සේකා මහතාගේ මෙම විවේචන මත ප්‍රශ්නයක් ඇතිවී ඇති බැවින් එය නොකරන ලෙස තුෂාර ඉඳුනිල් මහතා ඉල්ලීමක් කර තිබේ.

එහිදී එක් අවස්ථාවකදී ෆොන්සේකා මහතා දෙසට තුෂාර ඉඳුනිල් මහතා අත දිගු කිරීම හේතු කොටගෙන “ඔයා කවුද මට අත දික් කරලා කතා කරන්නේ” යැයි ෆොන්සේකා මහතා ප්‍රශ්න කර තිබේ. ඊට ප්‍රතිචාර දක්වමින් තුෂාර ඉඳුනිල් මහතා සඳහන් කර ඇත්තේ “මම ඔයා යටතේ හිටපු කෝප්‍රල් කෙනෙක් නෙමේ” යන්නය.

ඉන් පසු දෙදෙනා අතර තවත් වචන කීපයක් හුවමාරු වී තිබෙන අතර සමගි ජන බලවේගයේ සිටි පිරිස් ප්‍රශ්නය සමථයකට පත්කොට තිබේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 13 December 2020 22:18