May 05, 2024

වියතුන්ට විනාඩි 3යි - 8 පාස් අයට විනාඩි 40යි : අලි සබ්‍රිගේ ප්‍රතිරූපයත් ඉවරයි

November 20, 2020

වියත් මගේ පිරිස පාර්ලිමේන්තුවට එන විට අප තුල සතුටක් තිබුනත් අද ඔවුන් පිළිබඳව කතා කරන්නට සිදු වන්නේ කණගාටුවෙන් බව බව සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

ආණ්ඩු පක්ෂයේ පිටුපසට වී වාඩී සිටින වියතුන්ට පාර්ලිමේන්තුව අමතා කතා කිරීමට ලැබෙන්නේ විනාඩි තුනක පමණ කාලයක් වුවත් ඉදිරි පෙලේ සිටින 8 පාස් නැති අයට විනාඩි 40ක් පමණ කතා කිරීමට ලැබීම ඛේදවාචකයක් බව ෆොන්සේකා මහතා පෙන්වා දෙන ලදී.

අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා කෙරෙහි තමා තුල ද ගෞරවයක් තිබුණු බවද පෙන්වා දෙන ෆොන්සේකා මහතා අද ඔහු ආණ්ඩුවට කඩේ යාමට ගොස් සිය ප්‍රතිරූපයද විනාශ කරගෙන තිබෙන බව ද අවධාරණය කරයි.

සරත් ෆොන්සේකා මහතාගේ තවත් කතා

ලෝකයේ මොන රටේද හිරේ ඉන්න මිනිස්සු විවෘත කිරීම් වලට උත්සව වලට සහභාගී වෙන්නේ?

වැදගත් අයවැය නෙවෙයි ජනතාවට ආත්මගරුත්වයක් ඇතිව ජිවත් වීමට පසුබිමක් හැදීමයි

 

Rate this item
(0 votes)
Last modified on Friday, 20 November 2020 14:29