May 05, 2024

ලෝකේ කොයි රටේද හිරේ ඉන්න මිනිස්සු උත්සවවලට සහභාගී වෙන්නේ?

November 20, 2020

ලෝකයේ මොන රටේද හිරේ ඉන්න මිනිස්සු විවෘත කිරීම් වලට උත්සව වලට සහභාගී වෙන්නේ දැයි සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදී.

මන්ත්‍රීවරයා මෙම කරුණ පාර්ලිමේන්තුවේදී හුවා දැක්වූයේ බන්ධනාගාරගතව සිටින සිවනේෂ්තුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මන්ත්‍රීවරයා මඩකලපුවේ උත්සව , රැස්වීම් සහ විවෘත කිරීම් වලට සහභාගී වීම මුල් කොට ගෙනය.

මෙහෙම වැඩ කරලා ආණ්ඩුව මේ රටේ දරු පරපුරට දෙන ආදර්ශය කුමක් දැයි ද යන්නත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කරන ලදී.

Rate this item
(0 votes)