May 04, 2024

වැදගත් අයවැය නෙවෙයි ජනතාවට ආත්මගරුත්වයක් ඇතිව ජිවත් වීමට පසුබිමක් හැදීමයි

November 20, 2020

රටක් ජාතියක් ගොඩ නැගීම අයවැයකින් කරන්න බැරි බව සමඟි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

ජනතාවට ආත්ම ගරුත්වයක් ඇතිව සතුටින් ජිවත් වීමට අවශ්‍ය පරිසරයක් ගොඩ නගා දීමට රජයේ ප්‍රමුඛතාවය දිය යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙන ලදී.

ජනතාව අවංක ප්‍රයෝජනවත් පුරවැසියන් කිරීමටද රජයේ මුලිකත්වය ලබා දිය යුතු බවද ෆොන්සේකා මහතා අවධාරණය කරයි.

ජාතියක් ගොඩ නැගීමේ දී මුලිකත්වය ගත යුත්තේ මේ සභාවේ සිටින මහජන නියෝජිතයින් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා මේ සභාවේ සිටින්නේ බහුතරයක් දුෂිතයින්, වංචනිකයන් සිටීම නිසා එය කිරීම පහසු නොවන බවද පෙන්වා දෙයි.

Rate this item
(4 votes)