May 22, 2024

අතුරුදන්වූවන්ගේ කාර්යාලයට ප්‍රභාකරන් ගැන පැමිණිලි කිරීමේ සූදානමක්

එල්. ටී. ටී. ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සම්බන්ධයෙන් අතුරුදන්වූවන් පිළිබඳ සෙවීමේ කාර්යාලයට පැමිණිල්ලක් කරන ලෙස ඔහුගේ ඥාතීන් ඉල්ලා සිටියහොත් එසේ පැමිණිලි කිරීමට තමා සූදානම් බව උතුරු පළාත් සභා දෙමළ සන්ධාන මන්ත්‍රී එම්. කේ ශිවාජිලිංගම් මහතා ප්‍රකාශ කරයි.

අතුරුදන්වූවන් සෙවීම සඳහා වූ කාර්යාලය කොළඹ පිහිටුවහොත් උතුරු පළාතේ අතුරුදන්වූවන්ගේ ඥාතීන්ට කොළඹට ගමන් කිරීම අපහසු බැවින් එම කාර්යාලය උතුරු පළාත තුළ ස්ථාපිත කරන ලෙස තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියාසිටියේය.

ඔහු ඒ සම්බන්ධයෙන් තවදුරටත් කියාසිටියේ යුද සමයේ අතුරුදන්වූවන්ගෙන් වැඩි පිරිසක් උතුරු පළාත තුළ ජීවත් වන බැවින් අතුරුදන්වූවන්ගේ කාර්යාලය උතුරු පළාත තුළ ස්ථාපිත කිරීම වඩා යෝග්‍ය වනු ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ මෙරට සංචාරයේදී යුද සමයේ අතුරුදන්වූවන් පිළිබඳව ඔහුව දැනුවත් කිරීමට දෙමළ සන්ධානයේ නායකයින් කටයුතු කිරීමට නියමිත බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියාසිටියේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 August 2016 15:06