May 22, 2024

කොටි අවි සොයා ඕමන්තෙ කැනීම් (PHOTOS)

වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත අද (29) ඕමන්තයේ පාලමෝට්ටෙයි ප්‍රදේශයේ ඉඩමක සිදු කරන ලද කැනීම් වලින් කොටි සංවිධානයට අයත් ආයුධ කිහිපයක් හමු වූ බව ඕමන්ත පොලීසිය ප්‍රකාශ කරයි.

ඕමන්ත පාලමොට්ටෙයි ප්‍රදේශයේ නැවත පදිංචි වූ වැසියෙක් පසුගිය 25 වනදා තම ඉඩම එලි පෙහෙලි කරමින් සිටියදී ගිනි අවි තොගයක් මතුව ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා අද මෙලෙස වව්නියාව වැඩබලන මහේත්‍රාත් ලෙනින් කුමාර් මහතාගේ නියෝගයකට අනුව ඉඩම පස් කපන යන්ත්‍ර 02ක් මගින් කැනීම් සිදු කර තිබේ.

එහිදී එල්. එම්. ජී හා එම්. පී. එම. ජී වර්ගයේ අවි 07ක කොටස් හමුව ඇති අතර එම අවි ද දැඩි සේ අබලන් වී තිබීමෙන් යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ කොටි සාමාජිකයින් විසින් මෙම ස්ථානයෙහි ඒවා වල දමා පලා යන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පල කරයි.

වන්නි දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී පියසිරි ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීමෙන් ඕමන්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක සමන් කුමාර මහතාගේ නායකත්වයෙන් මෙම කැනීම් කටයුතු සිදු කළ අතර එම අවස්ථාවට යුද හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය, පුරාවිද්‍යා දෙපාර්තමේනතු නිලධාරීන් ඇතුලු පිරිසක් ද සහභාගී වී සිටියහ.

ඡායාරූප පහතින්.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Rate this item
(0 votes)
Last modified on Monday, 29 August 2016 14:22