May 17, 2024

'ජනතාවට දුන් පොරොන්දු ඉෂ්ඨ කරනවා' - මුදල් ඇමති (VIDEO)

මෙරට ජනතාවට යහපත් ජීවිතයක් ගත කිරීමට හැකි අයුරින් රටේ ආර්ථිකය සකස් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (19) මට්ටක්කුලිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,"විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද කතාකරගෙන යනවා වැට් මිල එක පැත්තකින් අඩු කරගෙන යනවා අනික් පැත්තෙන් තෙල් මිල වැඩි කරනවා කියලා.  ඒවගේ ආර්ථික ඝාතකයෝ නෙවෙයි අපට සිටින්නේ. අපි දෙයක් කිව්වොත් ඒක කරනවා. ජනතාවට සෙතක් ලබාදෙනවා. අපි අඩු කළොත් අඩු කළා. ජනතාවට දුන් පොරොන්දු අපි ඉටුකරන්නයි අපි ඉන්නේ"යි කියාසිටියේය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 20 July 2016 12:27