May 03, 2024

පෞද්ගලික බස් ඒකාධිකාරය මැඬලීමට රජයේ අවධානය

February 13, 2016

මෙරට පෞද්ගලික බස් රථ ඒකාධිකාරිය මුළුමනින්ම පාලනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඊයේ (12) මගී ප්‍රවාහන ක්ෂේත්‍රය නඟා සිටුවීම සඳහා මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ විය.

එම සාකච්ඡාවේදී ප්‍රවාහන බලධාරීන් සඳහන්කර සිටියේ යාපනය, මහරගම සහ නාරාහේන්පිට යන ප්‍රදේශවල පෞද්ගලික බස් රථවල ඒකාධිකාරයක් පවතින බවට පැමිණිලි රාශියක් ලැබී ඇති බවයි.

මෙහිදී මුදල් අමාත්‍යය රවී කරුණානායක මහතා අධිවේගී මාර්ගයේ බස්රථ ධාවනය පිළිබඳව අදහස් දක්වමින් කියාසිටියේ පසුගිය රජය සමයේ දේශපාලන හිතවත්කම් මත අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනයට බලපත්‍ර ලබාදීම ගැටලු රාශියක් ඇති කළ නිසා ඉදිරියේ දී බලපත්‍ර ලබාදීම ටෙන්ඩර් කැඳවීමෙන් සිදුකරන බවයි.

සාකච්ඡාව අවසානයේ ශ්‍රීලංගම බස්රථ සහ පෞද්ගලික බස්රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කරවීමට නිවැරදි සැළැස්මක් සකස්කර ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු විය.

අමාත්‍යවරයා දැනට පවතින ඉලෙක්ට්‍රෝනික ගෙවීම් පත පිළිබඳව සඳහන් කරමින් කියාසිටියේ එය තවදුරටත් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 13 February 2016 14:11