May 17, 2024

'ගංවතුර වන්දි ගෙවීම 18දා අවසන්' - රවී

ගංවතුරෙන් පීඩාවට පත් වූ කොළොන්නාවේ ජනතාව වෙනුවෙන් ලබන සෙනසුරාදා (18) වනවිට වන්දි මුදල් ගෙවා අවසන් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

පසුගියදා පැවති ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්වූ කොළොන්නාවේ ජනතාවට මේ දක්වා වන්දි මුදල් නොගෙවා තිබෙණුයේ නිළධාරීන්ගේ අතපසුවීමෙන් බව රවී කරුණානායක මහතා කියාසිටි.

ඇමතිවරයා වැඩිදුරටත් කියාසිටින්නේ මුදල් අමාත්‍යංශය අවශ්‍ය මුදල් ආපදා කළමණාකරණ අමාත්‍යංශයට ලබා දී ඇති බවත් ඒ අනුව  18වනදා වනවිට සියළු වන්දි මුදල් ගෙවා නිමකරන බවත් ය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 16 June 2016 14:36