May 17, 2024

නව තෙල් නල ව්‍යාපෘතිය: ජනතාවට ස්ථිර නිවාස ඕනෑ

යෝජිත නව තෙල් නල එලීමේ ව්‍යාපෘතිය සඳහා ඊට අදාළ වන ප්‍රදේශයේ ජනතාව ඉවත් කළ යුත්තේ ඔවුන්ට ස්ථිර නිවාස ඉදිකර දීමෙන් පසුව බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව කියාසිටියේ කොළඹ වරායේ සිට ඔරුගොඩවත්ත තෙල් ගබඩා සංකීර්ණය දක්වා නව නල පද්ධතිය එළීමේ ව්‍යාපෘතිය සම්බන්ධව ඇති ගැටළු සාකච්ඡා කිරීම සඳහා ඊයේ (13) මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේදී අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ස්ථිර නිවාස ඉදිකර දීමෙන් තොරව ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට උත්සහ කිරීම ගැටලු සහගත බවයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී ආරියරත්න මහතා, සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේ ටර්මිනල්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ෂෙහාන් සෙනෙවිරත්න මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ එස්.එන්. නිශ්ශංක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 July 2016 10:34