May 18, 2024

'ඒකාබද්ධ විපක්ෂය අනාථවන කණ්ඩායමක්' - හරීන් (VIDEO)

ඒකාබද්ධ විපක්ෂය යනු පටන් ගන්නා තැනම අනාථ වන කණ්ඩායමක් බවත් ඒ බව මේ වනවිට පැහදිලිවම ඔප්පු වී ඇති බවත් විදුලි සංදේශ සහ ඩිජිටල් පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (11) බදුල්ල හෙරිටේජ් හෝටලයේ පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඡායා කැබිනට්ටුව යනු ජනතාව මුලාවට පත් කරන්නක් බවත් ඉන් වැඩි වශයෙන් මුලාවට ලක්වූයේ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් බවත් අද වනවිට එය හාස්‍යයට ලක්වී ඇති බවත් කියාසිටියේ ය.

වැඩිදුරටත් අදහස් දක්වූ හරීන් ප්‍රනාන්දු මහතා," බදුල්ලෙන් ආරම්භ කරමු කියලා සටනක් පටන් ගත්තා. නමුත් මේ සටනෙදි මහින්දත් එක්ක යළි නැගිටිමු කිව්වට මහින්ද නැගිට්ටෙ නෑ. මහින්ද ආවේ නෑ. ඒකාබද්ධ විපක්ෂය කොච්චර අවුලකට පත්වෙලාද කිව්වොත් ඊයේ පෙරේදා මහින්දානන්ද  කිව්වා දැන් නුවරින් පටන්ගමු කියලා. හෙට අනිද්දට තව අය කියයි ගාල්ලෙන් පටන්ගමු කියලා. හැබැයි කෙහෙන්වත් පටන් ගන්න හම්බ වෙන්නෙ නෑ" යි කියාසිටියේ ය.

වීඩියෝව පහතින්.

බදුල්ල - පාලිත ආරියවංශ

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 12 July 2016 12:49