May 18, 2024

'දුරකථන ගාස්තු ඉහළයෑම ජනතාවට බරක් නෙමෙයි' - හරීන්

වෙනත් රටවල ජංගම දුරකථන ගාස්තුවලට සාපේක්ෂව වැට් බදු සංශෝධනයත් සමග ඉහළ ගිය ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන ගාස්තු ජනතාවට විශාල බරක් නොවන බව විදුලි සංදේශ කටයුතු භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන්කළේ බී.බී.සී ලෝක සේවය සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ය.

තමන් වැට් බදු ඉහළ නැංවීම සාධාරණීකරණය නොකරන නමුත් වත්මන් ආර්ථික තත්වය හමුවේ ආණ්ඩුවට තාවකාලිකව එම පියවර ගැනීමට සිදු වූ බව අමාත්‍යවරයා එහිදී  සඳහන්කළේය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා කියාසිටියේ  "ලංකාව තමයි ලෝකයේ අඩුම දුරකථන ගාස්තු අය කරන රට. සියයට විස්සකින් බදු වැඩි වුනත් කෝල් එකක් සඳහා වැය වන එකයි ශත පනහ ඒ සියයට විස්සෙන් වැඩි කරලා බැලුවොත් ඒත් ශත ගාණක් තමයි වැඩි වෙන්නේ. ඒක මහා විශාල බරක් නොවෙයි" යනුවෙනි.

" දැන් රාජපක්ෂ වෙනුවෙන් ගහපු බදු තමයි මේ ගහ ගෙන යන්නේ. එතනින් එහාට අපි අපේ වැඩ පෙන්වන්න අවශ්‍යයි," විදුලි සංදේශ කටයුතු භාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේය.

(BBC සංදේශය)

Rate this item
(0 votes)
Last modified on Monday, 09 May 2016 12:16