May 18, 2024

හරීන් ඇමති ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම්?

තමා වාහනයක් මිලදී ගැනීමට ඉල්ලුම් කළ බව ඔප්පු කළහොත් සිය අමාත්‍යධුරයෙන් ඉවත්වන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අද (09) උදෑසන තම ට්විටර් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කොට තිබේ.

අමාත්‍යාංශ 22 ක ඇමතිවරුන්, රාජ්‍ය ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් 30 දෙනෙකු සදහා නව වාහන මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 117කට අධික මුදලක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 

හරීන් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශ කොට ඇත්තේ මෙය පරිපූරක ඇස්තමේන්තුවක් බවත්, එය තමා උපයෝජනය නොකරන බවත් තමා එම වාහනය භාවිත කරන බවට හෝ වාහනයක් ඉල්ලුම් කළ බවට ඔප්පු කර පෙන්වුවහොත් සිය අමාත්‍යධුරයෙන් ඉවත් වන බවත් ය.

එම ට්විටර් පණිවිඩය පහතින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 10 June 2016 08:35