May 18, 2024

'එ්කාබද්ධ විපක්ෂය ගියේ පාදඩ යාත්‍රාවක්' - හරීන් (VIDEO)

ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම ජනතාවගේ ප්‍රශ්න ගැන කතා නොකර ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අසභ්‍ය අයුරින් බැන වදිමින් ගියේ පාද යාත්‍රාවක් නොව පාදඩ යාත්‍රාවක් බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (03) සිරිකොත පැවති මාධ්‍ය හමුවකදීය.

 

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා," මේ ලංකාවේ ලක්ෂ 62ක් ඡන්දෙ දීපු ජනාධිපතිවරයාට කියනවා කලවැද්දා කියලා. මෙන්න සදාචාරය. එතකොට ඔබ දකින්න ඇති පුංචි දරුවෙක් තියාගෙන අසභ්‍යවචනයෙන් අගමැතිට, ජනපතිට බනිනවා. මොකක්ද මේ යාත්‍රාව. ඒකට කොහොමද පාද යාත්‍රාවක් කියන්නේ, මේක පාදඩ යාත්‍රාවක් නෙවෙයිද"යි කියාසිටියේය.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)