May 11, 2024

‘අපේ කටයුතු අවසන් අදියරේ’ - අගමැති

අද  අප ජීවත්වන්නේ විද්‍යුත් යුගයක බවත් ඒ සඳහා වන බොහෝ මූලික කරුණු පියවරෙන් පියවර මෙරට ජනතාවට එක්සත් ජාතික පක්ෂය මඟින් ලබාදුන් බවත් පක්ෂය කළයුතු වැඩ මේ වනවිට අවසන්වෙමින් පවතින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) එජාප පක්ෂ සාමාජිකයින් බඳවා ගැනීම සඳහා ජංගම දුරකතන මෘදුකාංගයක් හඳුන්වාදීම වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමිනි.

‘ඉදිරියට යන්න හිතන අය එන්න’ යන තේමාව යටතේ ඊයේ පෙරවරුවේ එම පක්ෂයේ පළමු විද්‍යුත් සාමාජික කාඩ්පත නිකුත් කිරීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,”  අපිට ඕන හැම කෙනාම පොහොසත් කරන්න. මේ ඉලෙක්ට්‍රොනික් සාමාජිකපත දුන්නේ කම්පියුටර් ගෙනත් දුන්න එක්සත් ජාතික පක්ෂය. ජංගම දුරකතනය ගෙනත්දුන්න, ඉන්ටර්නෙට් එකට ඇතුල් කළ, රූපවාහිනිය ගෙනත් දුන්න එක්සත් ජාතික පක්ෂය. අද අපි ජීවත්වෙන්නේ විද්‍යුත් යුගයක. අපි කරපු වැඩ කටයුුතු දැන් අවසන් වේගෙන යනවා. මේ පක්ෂෙ නැතුව රටට ඉදිරියට යන්න බෑ. මේ පක්ෂෙ නැතුව රටට අනාගතයක් නෑ. “ යි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටියේ එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වී අලුත් රටක් නිර්මාණය කිරීමට සැමටම එක්වන ලෙස තමන් ආරාධනා කරන  බවයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 24 June 2016 12:07