May 05, 2024

එජාපය අද සිට නව වෙනසකට

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් බඳවා ගැනීමේ ක්‍රමවේදයෙහි නව වෙනසක් සිදු කර තිබේ.

ඒ එජාප පක්ෂ සාමාජිකයින්ට ඊ සාමාජිකත්ව කාඩ් පිරිනැමීමයි.

එම නව ක්‍රමවේදය අද (23) දින පක්ෂ නායක රනිල් වික්‍රමසිහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය.

දිවංගත හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 92වන ජන්ම දිනය යෙදී ඇත්තේ ද අද දිනයට වන අතර මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙන්නේ ඒ මහතාගේ ජන්ම දිනය ද මුල්කරගනිමිනි.

එක්සත් ජාතික පක්ෂය මේ සම්බන්ධයෙන් කියාසිටියේ එක්සත් ජාතික පක්ෂයට අදාළ ජංගම දුරකතන ඇප්ලිකේෂනය වෙත භාගත කිරීමෙන් මෙම සාමාජිකත්වය ලබා ගැනීමේ පහසුකම සලසා ඇති බවයි.

මෙම නවීන ක්‍රමවේදය මඟින් තරුණ තරුණියන් ඇතුළු නව සාමාජිකයන් ලක්ෂ 30ක් පක්ෂයට එක් කරගැනීම එහි සැලසුම වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 June 2016 10:40