May 05, 2024

ජාතික නිවාස දිනය අදයි

ශ්‍රී ලංකාවේ ජාතික නිවාස දිනය අදට (23) යෙදී තිබේ.

ඊට සමගාමීව ජාතින නිවාස සංවර්ධන අධිකාරිය විසින්  සංවිධානය කරනු ලබන සමරු උත්සවය තිස්සමහාරාමයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන අතර එහිදී වකුගඩු රෝගීන්ට ස්ථීර නිවසක් ඉදිකරගැනීම සඳහා මූල්‍යාධාර පිරිනැමීමක් සිදුකිරීමට සැළසුම් කර ඇත.

එයට අමතරව 'සැමට සෙවන' ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ඉදිකරන ලද 'සම්පතගම' ගම්මානය ජනතා අයිතියට පත්කිරීම ද අද දිනයේ සිදුකිරීමට නියමිතය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ මෙවර ජාතික නිවාස දිනයට සමගාමීව වකුගඩු රෝගීන්ගේ හිසට සෙවනක් යන තේමාව මුල් කරගනිමින් ඇරඹෙන ජාතික නිවාස සතිය මෙම මස 29 වන දින දක්වා ක්‍රියාත්මක වන බවයි.

මේ අතර අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ජන්ම දිනය ද අදට යෙදී තිබේ.

ඒ මහතාගේ ගම් උදාව සංකල්පය මෙරට ජනතාවට නිවාස රාශියක් ඉදිකර දුන් ව්‍යාපෘතියකි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 June 2016 09:52