May 05, 2024

අලි - මිනිස් ගැටුමට සජිත්ගෙන් විසඳුම්

මෙරට පවතින අලි - මිනිස් ගැටුම් හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව මෙන්ම වනජීවි ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා විසඳුම් 03ක් ක්‍රියාත්මක කිරීමට තමන් තීරණය කළ බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව කියාසිටියේ අද (22) සෙත්සිරිපායේ දී වනජීවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය හමුවක් පවත්වමිනි.

වනජීවී අමාත්‍යවරයා සමඟ පැවති හමුවේ දී තීරණ කිහිපයකට එළඹි බව සඳහන් කළ සජිත් ප්‍රේමදාස මහතා හැකි ඉක්මනින් ඒවා ක්‍රියාවට නංවන බව කියාසිටියේ ය.

ඒ අනූව එහිදී වන අලින් විසින් හානි කරන නිවාස යළි ගොඩනඟා ගැනීමට ණය මුදලක් ලබාදීමටත්, අලි මංකඩ ආශ්‍රිත ජීවත්වන ජනතාවගේ කැමැත්ත පරිදි ඔවුන් වෙනුවෙන් උදා ගම්මානයක් ආරම්භ කිරීමටත්, වන ජීවි ක්ෂේත්‍ර නිලධාරීන්ගේ නිවාස ප්‍රශ්නය විසඳා ගැනීමට සහයවීමටත් වශයෙන් එම තීරණ ගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 June 2016 17:41