May 05, 2024

එ්කාබද්ධ විපක්ෂයට ප්‍රසිද්ධ අභියෝගයක් (VIDEO)

මුදල්වලින් ඕනෑම දෙයක් කළ හැකි යැයි ඒකාබද්ධ විපක්ෂය සිතන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (28) කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

ඒකාබද්ධ විපක්ෂය විසින් ඔවුන්ගේ මැයි දිනය ශක්තිමත් කිරීම සඳහා මුදල් බෙදද්දී තමන් රටේ ගෙවල් සෑදීම සඳහා මුදල් බෙදන බව යි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ එක්සත් ජාතික පක්ෂයට සැබැවින්ම ආදරය කරන කිසිදු දේශපාලනඥයෙකු මුදලට රට හෝ ජනවරම පාවා නොදෙන බව ද ප්‍රේමදාස මහතා අවධාරණය කළේ ය.

එමෙන්ම "පුළුවන් නම් සල්ලි දීලා එක්කෙනෙක් හරි අපෙන් ගන්නැ"යි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ඒකාබද්ධ විපක්ෂය වෙත අභියෝගයක් ද ඉදිරිපත් කළේ ය.

වීඩියෝව පහතින්.

Rate this item
(1 Vote)
Last modified on Friday, 29 April 2016 11:57