ශ්‍රී ලංකාව තුළ සමාජ රෝගවල ක්‍රමික වර්ධනයක් දක්නට ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන්කළේ කළුතර කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ ඉදිකෙරුණු නව සායන මධ්‍යස්ථානය විවෘත කිරීම වෙනුවෙන් පැවති උත්වසයක දී ය.
එහිදී අමාත්‍යවරයා කියාසිටියේ මෙරට පදිංචි වීමට බලාපොරොත්තුවෙන් ගුවන් මගින් පැමිණෙන විදෙස් ජාතිකයින්ගේ සහ හෝටල් හා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සෙසු ස්ථානවල සේවය කරන සියළුම සේවකයින්ගේ රුධිර පරීක්ෂණයක් අනිවාර්යයෙන් සිදුකළ යුතු බවයි.