May 22, 2024

'මහින්ද මරන්න ජොන්ස්ටන් කුමන්ත්‍රණය කළා' - චන්දිම හෙළිකරයි (VIDEO)

ඒකාබද්ධ විපක්ෂය නමින් මහින්ද රාජපක්ෂ මහතා වටා සිටින නිදහස් පක්ෂයේ නොවන පිරිසගේ බලපෑම් හමුවේ හිටපු ජනාධිපතිවරයා අසරණ වී ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ ය.

වීඩියෝව නැරඹීම සඳහා ක්ලික් කරන්න > > >

1994 මැතිවරණ සමයේ දී එක්සත් ජාතික පක්ෂයේ සිටි බවත් ඒ මොහොතේ නිදහස් පාක්ෂිකයින්ට පහර දී මැතිවරණ ව්‍යාපාරය විනාශ කිරීමට පැමිණ සිටියේ හිටපු ජනාධිපතිවරයා සමග අද සිටින ගාමිනී ලොකුගේ මහතා බව ද වීරක්කොඩි මහතා සිහිපත් කළේ ය.

එමෙන්ම අද ඒකාබද්ධ විපක්ෂය සමග සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද එවකට සිටියේ එක්සත් ජාතික පක්ෂයේ බවත් ඔහු මහනුවර සිට සිදු කළ දෑ පිළිබඳ සැවොම දන්නා බවත් ඔහු පැවසුවේ ය.

තව ද බන්දුල ගුණවර්ධන මහතා ද අද රාජපක්ෂ මහතා සමග සිටියත් 2001 වසරේ සිටියේ එක්සත් ජාතික පක්ෂයේ බවත් ඒ මහතා සඳහන් කළේය.

වීරක්කොඩි මහතා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පිළිබඳව ද අදහස් දැක්වූ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව ඝාතනය කිරීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කුමණ්ත්‍රණය කළ බව ද හෙළිදරව් කළේ ය.

වීඩියෝව නැරඹීම සඳහා ක්ලික් කරන්න > > >

මේ ආකාරයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ සිටින නිදහස් පාක්ෂිකයින් නොවන පුද්ගලයන්ගේ ග්‍රහණයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මිදෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව ද චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

වීඩියෝව පහතින්.

Rate this item
(3 votes)
Last modified on Thursday, 28 April 2016 17:25