May 21, 2024

මැයි රැළියෙන් විසඳෙන මහින්දගේ ඉරණම (VIDEO)

පක්ෂ විනය කඩකරන පුද්ගලයින්ට එරෙහි ක්‍රියාමාර්ග මැයි දිනයෙන් අනතුරුව ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.

කොළඹ පක්ෂ කාර්යාලයේ අද (22) පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් ඒ මහතා මේ බව පැවසූ අතර ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ මැයි රැලියට නොඑන ශ්‍රිලනිප මන්ත්‍රීවරු, ආසන සංවිධායකයන් සහ පළාත් සභා මන්ත්‍රීන් යන සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි පක්ෂ ලේකම්වරයා අවධාරණය කළේ.

එමෙන්ම තමාට නොගැලපෙන ප්‍රකාශ ප්‍රසිද්ධියේ කියමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්වම හෑල්ලුවට ලක් කරගන්නා බව ද දිසානායක මහතා පැවසුවේ ය.

තමා ඒකාබද්ධ විපක්ෂයේ කිරුලපන මැයි රැලියට සහභාගි වන බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මීට පෙර තහවුරු කළේ ය.

වීඩියෝව පහතින්.

Rate this item
(1 Vote)